ඇමති නලින්දට එරෙහිව විශ්වාසභංගයක්!

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව සමඟි ජන බලවේගය බලපොරොත්තු වන බව හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ පවසයි.

ඖෂධ ප්‍රශ්නයේදී හිටපු මැති කෙහෙළිය රඹුක්වැල්ල වැරදි නම් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයාද වැරදි බව ඔහු සඳහන් කරයි.

ආණ්ඩුවේ ක්‍රියාකලාපය හේතුවෙන් අවසානයේ සමඟි ජන බලවේගයට සහ කෙහෙළිය රඹුක්වැල්ල හිටපු ඇමතිවරයාට වන්දි ගෙවීමටද සිදුවනු ඇතැයි ඔහු ප්‍රකාශ කරයි.

කෙසේවෙතත් කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය නිවැරදි නැත්නම් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයාගේ ද ක්‍රියාකලාපය නිවැරදි විය නොහැකි බවයි ඔහු තවදුරටත් පවසන්නේ.

ඒ අනුව නලින්ද ජයතිස්ස අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට විපක්ෂයේ සෙසු කණ්ඩායම්වල සහය ලබා ගැනීමටද නියමිත බව ඔහු ප්‍රකාශ කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මන්ත්‍රීවරුන්ගේ රක්ෂණ හා වරප්‍රසාද මුදල් කප්පාදුකර සහන වඩපිළිවෙලට යොදන්න – මන්ත්‍රී රවීගෙන් යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මන්ත්‍රීවරුන් වෙනුවෙන් වෙන් කර ඇති රක්ෂණාවරණ ඉවත්...

ජනාධිපති ට්‍රම්ප් නයිජීරියාවේ ISIS ඉලක්ක වෙත දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කරයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 26: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ජනාධිපති ඩොනල්ඩ්...

බංග්ලාදේශ දේශපාලනයේ ‘කුමාරයා’ නැවත පැමිණේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 26: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: බංග්ලාදේශ දේශපාලනයේ...