පොලිස්පතිගෙන් පොලීසියට දැනුම් දීමක්!

Date:

කොළඹ LNW:නව වසර උදාව සහ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වැනි විශේෂිත අවස්ථාවල දී පොලිස් සේවය තුළ ඇතැම් නිලධරයන් විසින් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධරයන්ට සුභ පැතීමේ අංගයක් වශයෙන් තුටු පඬුරු (Hampers) පිරී නැමීම මින් ඉදිරියට සිදුනොකළ යුතු බවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඒවා භාර නොගත යුතු බවත් පොලිස්පතිවරයා ලිපියක් නිකුත් කරමින් අවධාරණය කරයි.

පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, යම් නිලධාරියෙක්ට මෙවැනි විශේෂිත අවස්ථාවක පොලිස්පතිවරයාට හෝ වෙනත් ජ්‍යෙෂ්ඨ නිලධරයක් සුභ පැතීම සඳහා අවශ්‍ය වන්නේ නම්, පුද්ගලිකව හමුවීම අවශ්‍ය නොවන අතර දුරකථනයෙන් ඇමතීම හෝ වටස්ඇප් (WhatsApp) මඟින් කෙටි පණිවුඩයක් යොමු කිරීම වැනි ක්‍රම වේදයක් ඔස්සේ සුභ පැතීම සිදු කළ හැකි බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර පදික වේදිකාවල වෙළඳාමට නැවත කිසිසේත් අවසර දෙන්නේ නෑ – නගරාධිපති

ලෝක උරුම සංචාරක නගරයක් මෙන්ම පූජනීය නගරයක් වන මහනුවර...

මන්නාරම Hayleys Fentons සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ !

වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය...

ඉරානය සිය ගුවන් අවකාශය වසා දමයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජාණ්ඩුවට එරෙහි...

දිට්වා ආපදාවෙන් 93%කට ජීවනෝපායට දැඩි බලපෑම්!

කොළඹ LNW:ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාව සිය ජීවනෝපායන්ට බලපෑම්...