යථා තත්ත්වයට පත් වන දුම්රිය මාර්ග!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 26, කොළඹ LNW:

ඉදිරි සති තුන ඇතුළත, මැදවච්චිය – තලෙයි මන්නාරම දුම්රිය ධාවනය ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත. ආපදා හේතුවෙන් දුම්රිය මාර්ගයට වූ හානි මේ වනවිට යථා තත්ත්වයට පත් කරමින් ඇති බව එහි මාර්ග හා නඩත්තු අංශය පැවසීය

තවද, පුත්තලම මාර්ගයේ කැඩී ගිය පාලම් දෙකක අලුත්වැඩියා ද ආරම්භ කර ඇති අතර, එම කටයුතු අවසන් වූ පසු දැනට නාත්තන්ඩියට සීමා කර ඇති දුම්රිය ධාවනය පුත්තලම දක්වා සිදු කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.

ආපදා හේතුවෙන් බරපතලම හානි සිදුව ඇත්තේ උඩරට දුම්රිය මාර්ගයට වන අතර , එහි ප්‍රතිසංස්කරණ කොටස් කිහිපයකට බෙදා ප්‍රතිසංස්කරණය මේ වනවිට ආරම්භ කර ඇත.

ඒ අනුව රඹුක්කන – කඩුගන්නාව , ගම්පොල – නාවලපිටිය හා කොටගල – අඹේවෙල අතර කොටස්වල ප්‍රතිසංස්කරණ ආරම්භ කර ඇති බව, දෙපාර්තමේන්තුව පැවසුවේය. දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, මහනුවර මාතලේ දුම්රිය මාර්ගයේද හානිවූ කොටස් පිළිසකර කිරීම් ආරම්භ කර ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගේන සාකච්ඡාවක් දැනට නැහැ – කැබිනට් ප්‍රකාශක

සටහන - රුවන් නෙළුගොල්ල නීතිපති පාරින්ද රණසිංහ (කනිෂ්ඨ) මහතාට එරෙහිව...

Tasty Tuesdays: නේපාලයේ නම ගිය සහ හිත පිරෙන කෑමක්! Dal Bhat – Tradition You Can Taste

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW):  පරිප්පු සුප් (පරිප්පු)...

ආදරය දනවන වීදි කලාවේ සුන්දරත්වය, එන්න ආදරෙන් විඳින්න!

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): අත්පොතක් අවශ්‍ය නොවන එකම...

ඔබ නොදුටු නේපාලයේ සොඳුරු මිනිසා Binod Chaudhary…

නේපාලයේ බිලියනපති බිනෝද් චවුද්රිගේ ජීවිතය සහ වෘත්තීය ගමනේ සොඳුරු...