සටහන – රුවන් නෙළුගොල්ල
ඊපීඩීපී පක්ෂයේ නායක, හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, 2001 වසරේදී ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා යුද හමුදාවෙන් ලබා දුන් පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් 2019 වසරේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ මාකඳුරේ මදුෂ්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදි සොයා ගැනීමේ සිද්ධියකට අදාළව ය.
මේ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අදාළ ගිනිඅවිය අස්ථානගත වූ ආකාරය ප්‍රකාශ කිරීමට අපොහොසත් වීම මත හිටපු අමාත්‍යවරයාව මෙසේ අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.



