ගුවන් යානය ගොඩබාන්න යද්දී රනිල්ව කොනිත්තන්න එපා – වජිර

Date:

රටේ ආර්ථිකය ප්‍රකෘතිමත් කරමින් මේ අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා කටයුතු කරමින් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බාධා නොකළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

“ගුවන් යානයක් කඩා වැටෙන්න යන්නේ. පයිලට් බෑ කියනවා. සහකාර නියමුවාත් බෑ කියනවා. හිටපු මගියෙක් ඒක අරගෙන දැන් ගොඩබාන්න යන්නේ. ඉතින් ගොඩබාන්න හදන වෙලාවේ වෙනත් කලබලයක් ඇති කළොත් ඒක ජාතික වශයෙන් රටට කරන ව්‍යසනයක්. ඒක නිසා මේ අවස්ථාවේ මහජනයා ඉල්ලන්නේ මැතිවරණයකට වඩා – මහජනයා කියන්නේ ඇතැම් භාණ්ඩ කිහිපයක මිල අඩු වුණත් අනිත් භාණ්ඩවලත් මිල පහළට ගෙන එමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගනිමින් තිබෙන අවස්ථාවක් – මැතිවරණයක් ඉල්ලනවා නම් කවුරුහරි, මම කියන්නේ ඒ අර කලින් තිබුණා වගේම ජාත්‍යන්තරයේ වුවමනාවක් ක්‍රියාත්මක කිරීම සඳහා කරන ක්‍රියාවලියක්. අර ගුවන් යානය පදවන රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කෙනිත්තුවොත්, ප්‍රශ්න ඇති කළොත් ගුවන් යානයම කඩන් වැටෙයි. ගුවන් යානය ඇතුළෙ සජිතුත් ඉන්නවා, අනුරත් ඉන්නවා, පොහොට්ටුවත් ඉන්නවා, TNA එකත් ඉන්නවා, ඔක්කොම ඉන්නවා. කඩන් වැටුණොත් ඔක්කොමයි විනාශ වෙන්නෙ”

වජිර අබේවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (25) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සූරියකන්ද පොලීසියේ හිටපු OIC සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල සූරියකන්ද පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා සහ...

රජයට යහපත් මූල්‍ය විනයක් තිබෙනවා – මහ බැංකු අධිපති

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : "දිට්වා සුළිකුණාටුවෙන් දේපළවලට...

Azamara නෞකා සමාගමේ නවතම බලාපොරොත්තුව…

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : Azamara නෞකා...

දීමනා ඉල්ලා සද්දේ දාන රාජ්‍ය සේවකයින්ට ජනපති අද කෙළින් උත්තර දෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2027 වසරේ වැටුප් වැඩිවීමක් සිදුවන තුරු...