ගුවන් යානය ගොඩබාන්න යද්දී රනිල්ව කොනිත්තන්න එපා – වජිර

Date:

රටේ ආර්ථිකය ප්‍රකෘතිමත් කරමින් මේ අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා කටයුතු කරමින් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බාධා නොකළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

“ගුවන් යානයක් කඩා වැටෙන්න යන්නේ. පයිලට් බෑ කියනවා. සහකාර නියමුවාත් බෑ කියනවා. හිටපු මගියෙක් ඒක අරගෙන දැන් ගොඩබාන්න යන්නේ. ඉතින් ගොඩබාන්න හදන වෙලාවේ වෙනත් කලබලයක් ඇති කළොත් ඒක ජාතික වශයෙන් රටට කරන ව්‍යසනයක්. ඒක නිසා මේ අවස්ථාවේ මහජනයා ඉල්ලන්නේ මැතිවරණයකට වඩා – මහජනයා කියන්නේ ඇතැම් භාණ්ඩ කිහිපයක මිල අඩු වුණත් අනිත් භාණ්ඩවලත් මිල පහළට ගෙන එමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගනිමින් තිබෙන අවස්ථාවක් – මැතිවරණයක් ඉල්ලනවා නම් කවුරුහරි, මම කියන්නේ ඒ අර කලින් තිබුණා වගේම ජාත්‍යන්තරයේ වුවමනාවක් ක්‍රියාත්මක කිරීම සඳහා කරන ක්‍රියාවලියක්. අර ගුවන් යානය පදවන රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කෙනිත්තුවොත්, ප්‍රශ්න ඇති කළොත් ගුවන් යානයම කඩන් වැටෙයි. ගුවන් යානය ඇතුළෙ සජිතුත් ඉන්නවා, අනුරත් ඉන්නවා, පොහොට්ටුවත් ඉන්නවා, TNA එකත් ඉන්නවා, ඔක්කොම ඉන්නවා. කඩන් වැටුණොත් ඔක්කොමයි විනාශ වෙන්නෙ”

වජිර අබේවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (25) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිට පිටම දෙවන වරටත් ප්‍රීමා සූරතාව කොළඹ දකුණට,අනු සූරතාව මහනුවරට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: පිට පිටම දෙවැනි වතාවටත්...

අනුන් අනපු කූට්ටමම බෙදන්න එපා

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම...

ජොහැන්නස්බර්ග් නගරය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 09දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද (21) අළුයම...

පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයින් පස් දෙනෙකු යාපනයේදී අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : යාපනය,කන්කසන්තුරය,තිස්ස විහාරය ඉදිරි...