අධික වැසි සහිත කාලගුණය නිසා දැඩි පීඩා……

Date:

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 1600කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එම මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ,එක් නිවසකට පූර්ණ හානි සිදුව ඇති අතර නිවාස 109කට අර්ධ හානි වී ඇති බවයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කලමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ, ඉංජිනේරු ඩී. අබේසිරිවර්ධන මහතා ප්‍රකාශ කළේ,අධික වර්ෂාවත් සමග ප්‍රධාන ජලාශ 15 ක් වාන් දමමින් ඇති බවයි.

ඔහු ප්‍රකාශ කළේ, දැදුරු ඔය ගංවතුර තත්ත්වය පහළ යමින් ඇති බවයි.

අද(26) උදෑසන වනවිට ගේට්ටු 06ක් අඩි 04 බැගින් විවෘත කර තිබූ අතර අනෙක් ගේට්ටු 02 විවෘත කර තිබෙන්නේ අඩි 05 බැගිනි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කලමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ, ඉංජිනේරු ඩී. අබේසිරිවර්ධන මහතා සඳහන් කළේ, මේ හේතුවෙන් පුත්තලම හා හලාවත ජනතාව දැඩිව විමසිලිමත් වන ලෙසයි.

මේ අතර දිස්ත්‍රික්ක හතරකට නිකුත් කළ නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම තවදුරටත් බලාත්මකය.

එම දිස්ත්‍රික්ක වන්නේ මහනුවර, කුරුණෑගල, මාතලේ සහ නුවරඑළියයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙන්නේ,එම දිස්ත්‍රික්කවල ජනතාව කණ්ඩි කඩාවැටීම්, ගල් පෙරළීම් හා පොළව ගිලා බැසීම් පිළිබඳව විමසිලිමත් වන ලෙසය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දෙපිරිසක් ගැටී අයෙකු මරුට:සැකකරුවන් පලා යයි..

රෂිකා හෙන්නායක අගෝස්තු 02 කොළඹ LNW: ඊයේ (01) සවස් කාලයේදී,...

“විනිවිද කළුවර දිදුලන හදවත” සහ පැමිණි දුක්වල පැණි රස

2025 අවුරුද්දෙ ජුලි 31 හැන්දෑවෙ කොළඹ මහවැලි කේන්ද්‍රයෙ දි...

මහේස්ත්‍රාත් තිලින ගමගේ සේවයෙන් ඉවතට ?

මොරටුව දිසා විනිසුරු / මහේස්ත්‍රාත් වශයෙන් කටයුතු කළ තිලින...

කතරගම දේවාලයේ අක්කර 550 ඉඩමකට කෝටි 2ක බදු පොල්ලකුත් තියා දැදිගමලා ඉල්ලූ අතුරු තහනම ඉවතට !

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයෙන් බදු පදනම මත දැදිගම...