ඇණ ගැසූ නත්තල

Date:

නත්තලේ ඇණ ගැසූ මිනිහෙක්ව දුටුවාද
හදවතේ කල්වාරි කන්ද මත වැද හෝන
ගෙත්සෙමෙනි දුර්ගයේ රිදී මලු අත ගාන
සහෝදර සිහිනයකි කුර ගෙවුණ හඳ පාන

උත්තුංග තරුවකට පාර වරදිනු බැරි ද
හිත් අහස ඉරෙන්නට ගිනි බිඳින එක හරි ද
නෙත්කළුව විඳින්නේ කටු ඔටුන්නක සිරි ද
නත්තලක ඇණ ගැසුම ගැළවීමකට සරි ද

උණුහුම් ද මේ තරම් දෙසැම්බර පවනැල්ල
හිතෙහි ළාදුරු වද්ද එබැවින් ද කැළඹිල්ල
ලේ ගලන විට සුරත ඔබ නෙතග සැනහිල්ල
කොයි තරම් පිවිතුරු ද මේ දැනෙන ලතැවිල්ල

ගොපල්ලනි ඔබ කොහි ද බැටළු සම් ලුහුබඳින
අකල් වැහි දුටුවෙහි ද කඩුලු පැනගෙන වහින
විකල්ලෙනි සිහිල, ඇට මිදුලු විනිවිද ගලන
ළපල්ලෙනි දකිනු තුරු මඬුලු මත පෙම් සිහින

එක අතක් ඇණයකින් ලිහන්නට ඉඩ දෙන්න
මධුවිතක් පුරන්නට මොහොතකට අත ගන්න
පොඩි ඉඩක්වත් නැද්ද කඳුළකට ඇහැරෙන්න
කඳුළටත් පිළිවන් ය කුරුසියක් උහුලන්න

~ මංජුල වෙඩිවර්ධන (2010)

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලයේ හිම කඳු කඩා වැටීමෙන් කඳු නගින්නන් හත් දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊසානදිග නේපාලයේ...

මම්දානි ජයග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයට ෆෙඩරල් අරමුදල් සැපයීම නවතා දමන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

විදෙස් ගමන් තහනමක් සමඟ රත්වත්තේ ඇප මත නිදහස්!

කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්...

හිටපු ඇමරිකානු උප ජනාධිපති ඩික් චෙනී මිය යයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...