ඇණ ගැසූ නත්තල

Date:

නත්තලේ ඇණ ගැසූ මිනිහෙක්ව දුටුවාද
හදවතේ කල්වාරි කන්ද මත වැද හෝන
ගෙත්සෙමෙනි දුර්ගයේ රිදී මලු අත ගාන
සහෝදර සිහිනයකි කුර ගෙවුණ හඳ පාන

උත්තුංග තරුවකට පාර වරදිනු බැරි ද
හිත් අහස ඉරෙන්නට ගිනි බිඳින එක හරි ද
නෙත්කළුව විඳින්නේ කටු ඔටුන්නක සිරි ද
නත්තලක ඇණ ගැසුම ගැළවීමකට සරි ද

උණුහුම් ද මේ තරම් දෙසැම්බර පවනැල්ල
හිතෙහි ළාදුරු වද්ද එබැවින් ද කැළඹිල්ල
ලේ ගලන විට සුරත ඔබ නෙතග සැනහිල්ල
කොයි තරම් පිවිතුරු ද මේ දැනෙන ලතැවිල්ල

ගොපල්ලනි ඔබ කොහි ද බැටළු සම් ලුහුබඳින
අකල් වැහි දුටුවෙහි ද කඩුලු පැනගෙන වහින
විකල්ලෙනි සිහිල, ඇට මිදුලු විනිවිද ගලන
ළපල්ලෙනි දකිනු තුරු මඬුලු මත පෙම් සිහින

එක අතක් ඇණයකින් ලිහන්නට ඉඩ දෙන්න
මධුවිතක් පුරන්නට මොහොතකට අත ගන්න
පොඩි ඉඩක්වත් නැද්ද කඳුළකට ඇහැරෙන්න
කඳුළටත් පිළිවන් ය කුරුසියක් උහුලන්න

~ මංජුල වෙඩිවර්ධන (2010)

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Epstein ලිපිගොනුවල ගෑවුණු නම් අතර Stephen Hawking ගේ නමත්?

සටහන – පුලී පෙබරවාරි 06, LNW (කොළඹ): Jeffrey Epstein ගේ...

අද ලංකාවේ පස් දෙනෙක් චීනයේදී තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චීනයේ පැවත්වෙන ගෘහස්ත ආසියානු...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉන්දියාවේ සංචාරයක

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඉන්දියාවේ...

වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 06) දිනයේදී නැගෙනහිර, ඌව...