2016 දෙසැම්බර් 25 එදත් පෙර වසරෙහි මෙන් සීතල නත්තල් අසිරිය ලොව පුරා විහිදුණු දිනයකි. ඒත් ඒ නත්තල් අහසේ බැබළෙමින් තිබූ තරු අතර එකතරුවක් හඳිසියේම අන්ධකාරයෙන් වෙලා ගත් බවක් පෙනෙන්නට විය.
ජෝර්ජ් මයිකල් නැතහොත් හොලිවුඩය ගීයෙන් මුසපත් කළ එම ස්වර්ණමය කළාකරුවා 1963 ජූනි මස 25 වන දින උපත ලැබීය. ඔහු ඉංගිරීසි පන්නයේගීතවලට පණ පොවමින් ගීත රචකයෙකු ලෙස දස්කම් දැක්වූ අයෙකි. ඔහු එක්සත් රාජධානියේ කේවල කණ්ඩයෙහි අංක එකේ නම ගිය ගීත හතක් සහඑක්සත් ජනපද බිල්බෝඩ්-හොට් 100 හි අංක එකේ ගීත අටකට හිමිකම් කීවේ ය. මේ අතර මයිකල් විසින් ග්‍රැමී සම්මාන දෙකක්, බ්‍රිට් සම්මාන තුනක්, ඇමරිකානු-සංගීත සම්මාන තුනක්, බිල්බෝඩ් සංගීත සම්මාන දොළහක් ඇතුළු සම්මාන රාශියක් උරුම කරගත් ඔහු අද වන විට අප අතර නොසිටියත්කාගෙ කාගෙත් සිත් සතන්වල අමරණීය චරිතයකි.



මිඩ්ල්සෙක්ස් හි East Finchley හි උපත ලැබූ මයිකල්, Wham! සංගීත යුගලයේ එක් පුරුකක් විය. Andrew Ridgeley සමඟින් එක්ව මයිකල් 1981 දීWham සංගීත කණ්ඩායමේ පළමු ඇල්බම දෙක ලෙස Fantastic (1983) සහ Make It Big (1984) ඉදිරිපත් කළේය. “Wake Me Up Before You Go-Go” සහ “Last Christmas” ඔවුන්ගේ ජනප්‍රියතම ගීත කාණ්ඩ විය.
Last Christmas I gave you my heart
But the very next day you gave it away
This year, to save me from tears
I’ll give it to someone special…
නත්තලටනම් මේ ගීතයේ පදවැල් එකිනෙකාගේ මුවඟින් මිමිණෙනවා නැවැත්විය නොහැකි සිඳුවීමකි. ඒ තරම් එම ගීතය ලොව පුරා රසික රසිකාවියන්ගේසිත් බැඳ ගත් නත්තල් ශ්‍රියාව හා බැඳුන අපුරු නිර්මාණයක් විය.
1985 අප්‍රේල් මාසයේදී Wham චීනයේ සංචාරයක නිරත වූ අතර මෙම සංචාරය බටහිර ජනප්‍රිය සංගීත කණ්ඩායමක් විසින් චීනයෙහි කළ පළමු සංචාරය වූඅතර එය ලොව පුරා කතා බහට ලක් වූ මතෘකාවකි.
මයිකල්ගේ පළමු ඒක පුද්ගල ගීතය වන “Careless Whisper” එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය ඇතුළුව රටවල් 20කට අධික සංඛ්‍යාවක අංකඑකේ ගීතයක් බවට පත් විය. එමෙන්ම ඔහුගේ පළමු ඇල්බමය “Faith” 1987 දී නිකුත් කළ අතර එය ද එක්සත් රාජධානියේ ඇල්බම සටහනේ ඉහළින්මනම ගිය ඇල්බමයකි.
“Faith”, “Father Figure”, “One More Try”, “Monkey”, “Praying for Time”,”Freedom”, “Don’t Let the Sun Go Down on Me” ආදීනිර්මාණ රාශියක හිමිකරු වූ මයිකල් එපමණකින් නොනැවතී ලෝක ප්‍රසිද්ධ එල්ටන් ජෝන් සමඟ 1991 දී සජීවී ප්‍රසංගයක් ඉදිරිපත් කළේය.
සංගීත ජීවිතයෙන් පිටත ලෝකයෙහි මයිකල්, සමරිසි (LGBTQ) අයිතිවාසිකම් සඳහා ඉදිරිපත් වූවෙක් මෙන්ම ඔහුගේ ආකර්ෂණය ලැබූවන් වූවේ ද ස්ත්‍රීන්නොව පුරුෂයන් ය. එකිනෙකාගේ මනෝභාවයන් මත එකිනෙකාගේ හැඟීම් වලට විවෘත වූ ලෝකයේ ඔහුද පාවෙන ජීවියෙකි. එපමණක් නොව ඔහුHIV/AIDS නිවාරණය කෙරෙහි ද විශේෂ සැලකිල්ලක් දැක්වූ අයෙකි.
ඔහු සිය අවසන් ප්‍රසංගය 2012 දී ලන්ඩනයේ Earls Court හිදී සිදු කළේය.


ජීවිතයේ නොයෙකුත් හැල හැප්පීම් වලට මුහුණ දෙමින් ඔහු ගමන් ගත් මාවතෙහි කෙළවර ලෙස 2016 වසරෙහි නත්තල් දින ඔහු ඔහුගේ අවසන් සුසුම් ලෝතලයට මුදා හැරියේ ය.
ඒ ඔක්ස්ෆර්ඩ්ෂයර් හි ගෝරිං-ඔන්-තේම්ස් හි පිහිටි ඔහුගේ නිවසේදී හෘද රෝගයක් ඇති වීමෙනි.
නත්තල් අහසට තවත් තරුවක් අහිමි වූ දුක්බර සය වසරක අවසානයක්! ඉතින් මයිකල්; ඔබ අපගේ සිත් වලට කා වැඳුණු හඳවතේ ගායකයෙක්!
නිපුනි ලියනගේ – අවුට්බවුන්ඩ් ටුඩේ