*
Friday, May 17, 2024
spot_img

Latest Posts

ඔලිම්පික් පුටු තරගය ආරම්භ වී ඇති බව පෙනේ

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): තව වසර කිහිපයකින් ජාතික ඔලිම්පික් කමිටුව සම්බන්ධයෙන් නිලවරණයක් එන බව අපි දනිමු.එහිදී යම් යම් සංශෝධන කරමින්, නිලතල මාරු කර ගනිමින් සහ කණ්ඩායම් වෙනස් කරමින් බලය වෙනුවෙන් අල්ලන අඩව් සඳහා සූදානම් වන බවක් පෙනෙන්නට ඇත.

මීට පෙර ද මේ සම්බන්ධයෙන් අපේ අවධානය යොමු වූ අතර එහිදි ආසියානු ඔලිම්පික් කමිටු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සහ ජාතික ඔලිම්පික් කමිටු සභාපතිවරයා සම්බන්ධයෙන් පෑහුණ කතා කිහිපයක්ම වාර්තා විය.පසුව අප පැති කිහිපයකින් සොයා බැලීමේදී අනාවරණය වූයේ සභාපතිවරයාට ආසියානු ක්‍රීඩා උළෙලේ ගුවන් ප්‍රවේශපත් 100 ක් හිමිවීම වැනි කාරණාවලට අදාළ චෝදනාවන්ට රටේ ජනාධිපතිවරයා දක්වාම සම්බන්ධතා දිගු වන බවය.රටේ ආර්ථික තත්ත්වය සළකා ජනාධිපතිවරයා හමුවීමේ දි පොරොන්දු වූ එම දීමනාව පසුව යම් තරමකට වැඩිවීමක් සිඳුව තිබෙනවා මිස එය ආධාරයක් හෝ ප්‍රදානයක් ලෙස ගත හැකි බවය.

එසේම නොදන්වා කරන ලද රුපියල් 450000 ක ගණුදෙනුවක් සම්බන්ධයෙන් ද ඔලිම්පික් කමිටු සභාපතිවරයාට චෝදනා එල්ල කරන අතරේම එය අනුමැතියකින් නැතිනම් දැනුවත් කිරීමකින් තොරව වියදම් කර පසුව එය දැනුවත් කර ගෙවා දැමීමක් සේ හැඳින්වෙන බැවින් මිල ගණන් මෙන්ම සිඳුව ඇති ස්වභාවය ද අනුව එය චේතනාවින්තව කරන ලද මූල්‍ය අපරාධයක් හැටියට ගැනීමට හැකි ඉඩ අල්පය.

එය එසේ වන්නේ මේ වන විට මැක්ස්වෙල් ද සිල්වාට ද චෝදනා එල්ල වී තිබෙන තත්ත්වයකදී ය. ශ්‍රී ලංකා ඔලිම්පික් වෙත ලබා දිය යුතුව ඇති සමහර මුදල් ලබා නොදීම ගැන මෙන්ම ශ්‍රී ලංකා ඔලිම්පික්සතු යම් යම් චංචලා දේපළ අස්ථානගත වීම සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වි ඇත.

මැක්ස්වෙල් ආසියානු කවුන්සිලයේදී කතා කරන්නට උත්සාහ කරන අවස්ථාවේදී වැරදි ආකාරයට හැසිරෙමින් ඔහුට කතා කරන්නට ඉඩ නොඳුන් බවට සහ ඔහුගේ මයික්‍රොෆෝනය වැටෙන්නට තල්ලු කිරීමක් කළ බවට සුරේෂ් සුබ්‍රමනියම්ට එරෙහිව මැක්ස්වෙල් කරන චෝදනා ද ඇත.

“එතැන ඔලිම්පික් ලේකම්වරයා කියලා තියෙනවා ඒ මොහොතේ සභාව මෙහෙයවපු පුද්ගලයා කතා කරන්නට කිසිවෙක්ට අවස්ථාව නොඳුන් බව.එහිදී තමන් නැගිටි විට ජාතික ඔලිමිපික් කමිටු සභාපතිවරයා එය ලංකාවට අදාළ නොවන බව පවසා ඉඳගන්න පැවසූ බවත් කියනවා.ඒ පැවසීම රළුයි කියා කියා තිබෙනවා.සමහර විට සභාව මෙහෙයවපු පුද්ගලයාගේ අකමැත්ත මත ලංකාවට සෘජුව අදාළ නොවන සිඳුවීමක් නිසා සභාපතිවරයා ඔහුව වළක්වන්නට හැදුවා ද යන සැකය ද ඒ චෝදනාව එල්ල වී තිබෙන ආකාරයේම තිබෙනවා.මේක සංකීරණ තත්ත්වයක්.”

මේ වන විට දෙපාර්ශවයක් බවට පත්වෙමින් තිබෙන ඔලිම්පික් නිල මඬුල්ලට භාහිර මේ ගැටළුව සාකච්ඡා වෙමින් පවතින තවත් ස්ථානයකින් ලැබෙන ඉහත ප්‍රතිචාරය මෙන්ම මැක්ස්වෙල් සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ද මේ තත්ත්වයම ඇති බව ඔහු පවසනවා.

“මේ වන විට ඔලිම්පික්ලේකම්වරයාට ද බර්මින්හැම් දී අතුරුදහන්වීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා.ඒවා ප්‍රශ්න කිරීමට ඔහුට කැදවීමක් ද කර තිබෙනවා.ඇතැම් ක්‍රීඩා පරිපාලන තමයි මේ චෝදනාවන් එල්ල කරන්නෙ.එහිදී ද තත්ත්වය ගැටළුකාරීයි.හරියටම සාක්ෂි මේ චෝදනා සනාත කිරීමට අවශ්‍යය වෙනවා.ඒ නිසා ඉදිරිපත් වී චෝදනා සහ තොරතුරු සහ ලේකම්වරයාගේ ප්‍රකාශයන් කවරේද යන්න මෙහිදී අවධානයට ගන්න සිඳු වෙනවා.මේ ගැන පාර්ලිමේන්තුවේදී ද කරුණු ඉදිරිපත් වීම බරපතල තත්ත්වයක් ලෙස පෙනෙන්නට තිබුණත් එය ඔප්පු කරන්නට වචන පමණක් ප්‍රමාණවත් නැති නිසා ගැඹුරෙන් මේව සොයන්නට වෙනවා”



මේ චෝදනා හුවමාරුවන්නේ ලේකම් සහ සභාපති අතර බව පෙනෙන්නට තිබෙනවා. එයින් පැහැදිළිවන්නේ ඉදිරි නිලවරණයේදී දැනට සිටින නිලධාරි කණ්ඩායම එක කණ්ඩායමක් හැටියට නිලවරණයට මුහුණ නොදෙන බවයි.එහිදී දීර්ඝ කාලයක් ලේකම් තනතුර දරන මැක්ස්වල් ද සිල්වාට එම තනතුරට නැවත ඉදිරිපත් වීමේ හැකියාවක් පවතීද යන්න ද ගැටළුකාරී තත්ත්වයක් බව දැක ගන්නට ඇත.මේ නිසා ඔහු ද පළමුවරට සභාපති තනතුර හරහා ඔලිම්පික් තනතුරක රැඳෙන්නට සිතනවා වන්නට ද හැකිය.

කෙසේ වුව ද මේ තත්ත්වය මැක්ස්වෙල් එල්ල කරන චෝදනා හමුවේ ජාත්‍යන්තරය ද ප්‍රශ්න කිරීම්වලට කැඳවන්නට විය හැකි තත්ත්වයක් පෙන්නුම් කරනවා.ඒ අනුව ඇතුළෙ ගිණි පිටට ද යන අතර එවිට මේ නිල බලය වෙනුවෙන් කරගන්නා චෝදනා සහ විවේචන ශ්‍රී ලංකාවේ සමස්ත ක්‍රීඩාව සම්බන්ධයෙන් චිත්‍රය අඳුරු පැහැයක් ගන්නට හේතු වෙනවා.

“සමහර විට කෙනෙක් උපකාර කරන එකකුත් නැහැ එහෙම වුණාම.මොකද ඒවා අල්ලලස් ලෙස සළකා ඔවුන්ට ද පරීක්ෂණවලට මුහුණ දෙන්න වෙනවනම්, උපකාර කිරීම කරදරයක් වීමට හැකි නිසා.ඒ වගෙම තමයි ඔලිමිපික් වෙත එන මුදල් යම් ආකාරයකින් පෞද්ගලිකව රැගෙන යාමක් සිඳු වී තිබේනම් එවැනි තත්ත්වයක රටට උදව් කිරීමට ඉදිරිපත්වීම ද ඇණ හිටින්නට පුළුවන්”

එහෙත් වඩා වැදගත් මේ තනතුරුනම් එහිදී ලෝකයම අහිමි වුව ඒ පුටු වෙනුවෙන් සිඳුවන සටන් දිගටම සිඳුවනු හැකියි.වසර දෙකක් තිබියදී මේ ආකාරයට සටන ඇරඹිමෙන් යම් ආකාරයකින් උදාවන 2024 වසර සඳහා ඇති ඔලිම්පික් තරගය වැනි දැවන්ත ඉසව් කළමණාකරනය කර ගැනීමේ ගැටළු වුව මතු විය හැකියි.මේ කඹ ඇදීමේ දැවන්තම පීඩාව මේ දක්වා ගැටළුවක් නොවන්නට සංචාර සහ විවිධ ජාත්‍යන්තර ඉසව් සම්බන්ධයෙන් වෙහෙස වී වැඩ කරන ඔලිම්පික් නිවසේ නිලධාරී මණ්ඩලය මත සෘජුව ඇති කරනු ඇති පීඩනය ද සුළු එකක් නොවනු ඇති.

කෙසේ වුව ද තව වසර දෙකක් තිබෙනවා.මෙහිදී බුද්ධිමත්භාවය නත්තල් උණුසුමත් සමඟම ගත් විට ජේසුස් වහන්සේගේ වදනකින්ම හමාර කිරිම වැදගත්.

“කිසිඳු වරදක් නොකළ තැනත්තෙක් ඇයට පළමු ගල ගසන්න.” මරිය මග්දලේනා ට ගල් ගසන්නට පැමිණි පිරිස නිරුත්තර කළ ඒ වැකිය අද කාලයේ වැරදි වසා ගන්නට නිවැරදි බව පෙන්වන්නට අනෙකාට ගල් ගසන දේශපාලන සංදර්භයක් ඇති පොළවක සිඳු වේද, තව තවත් ගල් අතට ගනු ඇත්දැයි සිතිය නොහැකිය. එසේම මේ සංස්කෘතියේ නිවැරදි අයටද ගල් ගසන බව පෙනෙන නිසා සහ දැනෙන නිසා මේ ගැටළුවට මැදිහත්වීම ද යම් ආකරයක අපරාධය ආරක්ෂා කර නිවැරදිකරුවා දඟ ගෙයි ලෑමට සාක්ෂි සැපයීම වැනි දෙයක් වන්නට ද ඉඩ ඇත.ඒ නිසා සියල්ල පරිස්සමෙන් නිරීක්ෂණය කිරීම වැදගත් අතර මේ ඇරඹී තිබෙන්නේ වසර දෙකකට පසුව එන නිලවරණය සඳහා රෙදි උනා ගැනීමේ තරගය බව පමණක් පැහැදිළිය.

එහිදී පරිස්සමෙන් නැතිවීම් සහ නැවත ගෙවීම් ද,ඉල්ලා ගැනිම් සහ පැහැරගෙන යාම් ද කියන කාරණා එක පොකුරකට දමා සෙලවීම වෙනුවට පරිස්සම් සහගතව වෙන වෙනම සළකා බැලීම වටින්නේය.දැන් ඇරඹි ඇති පුටු තරගයට තව තවත් පිරිස් පුටුවලට වැඩි ප්‍රමාණයකින් පුටු වට කොට සිටගනු ඇති බව පැහැදිළිය.එයට සංගීතය සැපයීමට එකතු වන පිරිස් ද අඩු වැඩි ලෙස එක එක පැත්තට රොක් වෙනු ඇත.එහෙත් මේ පුටු වට නැටුමේ කරන රංගනයන්වලදී හරියට නටන එක සහ නො’නටන එකා රටටම පෙනෙනු ඇත.රටම දකිනු ඇත.ක්‍රීඩාව රටේනම් ජාති ආගම් ආදි කිසිවක් නොසළකා හරි තැන හරි දේ සිඳුවනු දැකීමට පුරවැසියා කරන බලපෑම ද සමහර විට වෙනදාට වඩා මේ මොහොතට දැනෙනු ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan