ඉන්ෆ්ලුවෙන්සා රෝග ව්‍යාප්තියේ වර්ධනයක්.ඇතැමුන්ට කටහඩත් නැති වීමේ තත්ත්වයක්!

Date:

කොළඹ LNW:වර්ෂාව සමග ඉන්ෆ්ලුවෙන්සා රෝගයේ වැඩිවීමක් සිදුවී ඇති බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙසත් රෝගය වැළඳුන ඇතැම් අයට දින දෙක තුනකට කටහඬ නැතුව යාමේ අවධානමක්ද පවතින බව කලුබෝවිල ශික්ෂණ රෝහලේ කායික රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය නන්දන දික්මාදුගොඩ මහතා පවසයි.

පසුගිය කාලයේ පැවති දීර්ඝ වැසි සහිත කාලගුණය ගෙතුවෙන් මෙම වෛරස් රෝගී තත්ත්වය වැඩි වී තිබෙන බවයි දික්මාදුගොඩ මහතා සඳහන් කරන්නේ.

මෙය වේගයෙන් පැතිරයමින් තිබෙන හෙයින් දීර්ඝ කාලීනව රෝග තත්ත්වය පවතින්නේ නම් සැලකිලිමත්වන ලෙසයි ඔහු අවධාරණය කරන්නේ.

”මේ සදහා ප්‍රතිජීවක ඖෂධ ලබාදෙනවා දැක්කා. මෙය කිසි සේත් නොකළ යුතුයි. මේ නිවාඩු කාලයේ අපි ගමන් බිමන් යමවා. මේක බෝවන්නේ වාතයෙන්. අපි කොවිඩ් තත්ත්වයේදී පිලිපැදිය හොද පුරුදු ක්‍රියාමාර්ග යළි අනුගමනය කරන්න.අවධානම් කලාපවල ඉන්න පිරිස් විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයි. ඉල්ෆ්ලුවෙන්සා වගේම ඩෙංගුත් පැතිරෙමින් යනවා. දැනට වාර්තාවෙලා තියෙන රෝගී 87000න් 17000ක්ම බස්නාහිර පළාතෙන් වාර්තා වෙන්නේ. ඕනෑම උන රෝගයක් ඩෙංගු සේ සලකන්න. නැත්නම් උත්සන්න වූ විට අවධානම් වෙන්න පුලුවන්.” යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නෝ වර්ක්, නෝ ප්‍රොබ්ලම්. ලෙස් වර්ක්, ලෙස් ප්‍රොබ්ලම්. මෝර් වර්ක්, මෝර් ප්‍රොබ්ලම් – ඇමති හඳුන්

ගතවූ 2025 වසර යනු තමන්ටත් තම නියෝජ්‍ය අමාත්‍යවරයාත් වැඩියෙන්...

ජීවන වියදම් ඉහළ යාමට එරෙහිව ඉරානයේ විරෝධතා අතරතුර හයදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 02: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ...

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...