සෞඛ්‍ය අමාත්‍යාංශය කොවිඩ් පරීක්ෂණ හිතාමාතම මඟහැරලාද?

Date:

කොළඹ LNW:කොවිඩ් රෝගය සම්බන්ධයෙන් අවශ්‍ය පරීක්ෂණ සිදු කිරීම සඳහා මේ වන විට රෝහල් මට්ටමින් ක්‍රියාත්මක වෙමින් පවතින ක්‍රමය පිළිබඳව සෑහීමකට පත් නොවන අතර මේ වනවිටත්, රෝහල්වලට පැමිණෙන කොවිඩ් රෝග ලක්ෂණ සහිත හෝ වෛද්‍යවරුන් විසින් කොවිඩ් රෝගීන් යැයි අනුමාන කරන රෝගීන් සඳහා පරීක්ෂණ සිදුකිරීමේ පහසුකමක් සහ පරීක්ෂණ ඉල්ලුම් කිරීමේ ක්‍රමවේදයක් නිශ්චිතව ක්‍රියාත්මක නොවන සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.

එහි සභාපති රවී කුමුදේශ් පවසන්නේ කොවිඩ් පමණක් නොව ඕනෑම රෝගයකදී අනුමාන කරන රෝගයට අදාළ වෛද්‍ය පරීක්ෂණයක් සිදුකිරීම සාමාන්‍ය තත්ත්වයක් වුවද, කොවිඩ් සඳහා පමණක් එය එලෙස ක්‍රියා නොකිරීමට වග බලාගෙන ඇතිතේ කිනම් හේතුවක් නිසාද යන්න තවදුටත් පැහැදිලි විය යුතුව ඇති බවයි.

”කෙසේ නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයට අනුව, වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් නියැදි පරීක්ෂාවක් සිදු කරන ලද බව සඳහන් වන නමුත් එමගින් ලබා ගත් නිගමනය පමණක් රටට ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් නැත. එනයින් එම නියැදි පරීක්ෂාව සඳහා නිදර්ශක එකතුකර ගත් අකාරය ඇතුළු එම පර්යේෂණයේ ප්‍රතිඵලවලට අදාල පූර්ණ වාර්ථාවක් හෙලිදරව් කරන ලෙස අප සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටිමු.

එසේම, ඉතා කෙටිකලක් තුළ කල් ඉකුත් වී ඉවත දැමීමට සිදුවන ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ කට්ටල පැවතියදී පවා රෝහල් මට්ටමෙන් හමුවන සැක සහිත රෝගීන් පරීක්ෂා කිරීම මගහරිමින්, කිසිවෙකුත් නොදන්නා නියැදි පරීක්ෂාවකින් අවසන් නිගමනයකට අනවශ්‍ය ගැටළු රැසකට හේතු විය හැකි බවද, අප ඉතා ඕනෑකමින් පෙන්වා දෙන්නෙමු.

තවද, මහජනතාවට අතිශයින් වැදගත් විශාල වසංගත රෝගයකට අදාළව නිවේදන නිකුත් කිරීමේදී, එම තොරතුරුවල වගකීම තාක්ෂණිකව භාරගත හැකි නිලධාරියකුගේ අත්සන සහිතව එම ලිපි නිකුත් කිරීමේ අවශ්‍යතාවයද ඔබගේ අවධානයට ලක් කරනු ලබ අතර, නිරෝධායන නිතීන්ට අනූව එම වගකීම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වරයා පැවරී ඇති බැවින් ඒ පිළිබඳවද ඔබගේ කාරුණික අවධානය යොමු කරන ලෙස ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.” යනුවෙන් කුමුදේශ් මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...