*
Sunday, September 8, 2024
spot_img

Latest Posts

නායකත්වය නම් නොකෙරුණු නෙට්බෝල් සංචිතයක්

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): දෙසැම්බර් 21 වන දා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවති ජාතික නෙට්බෝල් සංචිතය තෝරා ගැනීමේ පරීක්ෂණයේ දී පහත සඳහන් ක්‍රීඩිකාවන් සංචියට තෝරා ගෙන ඇත.එළැඹෙන 2024 වසර සැප්තැම්බර් මස පැවැත්විමට නියමිත ආසියානු නෙට්බෝල් ශුරතාවය ඉලක්ක කොට ගෙන තෝරා ගෙන ඇති එම ශ්‍රී ලංකා නෙට්බෝල් සංචිතයට ක්‍රීඩිකාවන් 18 දෙනෙකු ඇතුළත්ය.පහත දැක්වෙන්නේ එම සංචිතයය.

සෙමිනි අල්විස්
ගයනි දිසානායක
හසිතා මෙන්ඩිස්
දුලංගි වන්නිතිලක
ගයංජලී අමරවංශ
භාෂිනි ද සිල්වා
රෂ්මි පෙරේරා
ඉමාෂා පෙරේරා
ශානිකා පෙරේරා
රුක්ෂලා හපුආරච්චි
සුසීමා බණ්ඩාර
රෂ්මි දිව්‍යාංජලි
ගයත්‍රි කෞෂල්‍යයා
හංසිමා දිසානායක
සචිනි රොද්‍රගු
උමයංගනා දිල්ෂානි
සමින්දි රසාංගි
රෙෂිනි සසදරා

නායකත්වයකින් තොරව මේ සංචිතය නම් කිරීමෙන් නායිකාව ලෙස කටයුතු කළ දුලංගි වන්නිතලිකගේ නායකත්වය නැවත සළකා බැලීමක් සම්බන්ධයෙන් ඉඟි පළවෙන බව නෙට්බෝල් කේෂ්ත්‍රයේම ඇතැම් ආරංචි මාර්ග පෙන්වා දෙයි.

නිසි සැළසුමකින් තොරව දුලංගිට ලබා දුන් කණ්ඩායමේ දුර්වලකම් පදනම් කරගෙන,ඇයව ඉවත් කර ඇතැමෙක් හිටපු නායිකාවක් නැවත නායකත්වයට පත් කිරීමට උත්සාහ කරන බව ද සැළ වේ.මීට පෙර ද ඇයට එම බර නුසුදුසු වේලාවකදී පැටවීමට ඇයට නෙට්බෝලයේ ඉහළින් සිටින යම් යම් ඥාති සබඳතා බල පෑ බව ප්‍රසිද්ධ රහසකි.ඉතාම නිහතමානි,දක්ෂ, කණ්ඩායම් හැඟීමෙන් කටයුුතු කරන ක්‍රීඩිකාවක වන ඇයගේ යහපත් ලක්ෂණ ඇයගේ ඥාතීන්ට පිහිටා නොමැති කමෙන් මෙම ක්‍රීඩිකාවද අපහසුතාවයට පත්වන බව නෙට්බෝල් කේෂ්ත්‍රයට සම්බන්ධ ඉඟි ඔස්සේ වාර්තා වෙයි.

ශ්‍රී ලංකා නෙට්බෝල් පරිපාලනයට මෙන්ම ක්‍රීඩාවට ද තීරණාත්මක වර්ෂ්යක් වන මෙවර ආසියානු කුසලානයට සහභාගිවන කණ්ඩායමට ඉදිරියට යාම සඳහා විශාල වෙහෙසක් දරන්නට සිඳුවනු ඇත.දැනට තිබෙන තත්ත්වය වෙනස් කර ලබාගෙන සිටින ආසියානු කුසලානය රැක ගැනීම සඳහා නව ශ්‍රී ලංකා පුහුණුකාරියට ඉදිරි කාල සීමාව තුළ පරිපාලනය පැත්තෙන් විශාල සහයෝගයක් අවශ්‍යය වන අතර ඇයද කණ්ඩායම ද අලුත් සිතීමකින් යුතුව කුසලානය රැක ගැනීමේ සටනට පිඹුරුපත් සැකසිය යුතුව ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan