ටෙන්ඩර්වලට කෙහෙළියගේ සම්බන්ධයක් නැහැ.වැරැද්ද නිලධාරීන්ගේ.ඇමති ළඟ තිබුණ සාක්ෂිත් CID යට!

කොළඹ LNW: ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබින් එන්නත ආනයනය කිරීම සම්බන්ධයෙන් මතුව තිබෙන ප්‍රශ්න සහගත තත්ත්වය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ඉල්ලීම අනුව අද (26) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රඹුක්වැල්ල අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගෙන තිබුණි.

පෙරවරු 10.30 පමණ සිට පැය දෙකක පමණ කාලයක් එම ප්‍රකාශය සටහන් කර ගෙන තිබේ.

ජනාධිපති නීතිඥ යූ.ආර් ද සිල්වා මහතා මාර්ගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දීමට කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉල්ලීමක් කර තිබුණි.

ඒ අනුවයි අද ඔහුගෙන් එම ප්‍රකාශය සටහන් කර ගෙන තිබුණේ.

මේ වන විට අත්අඩංගුවේ පසුවන සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකර තිබුණු ප්‍රශ්න කිරීමේදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ උපදෙස් මත එම ඖෂධ ආනයනයට අදාළ ගණුදෙනුව සිදුකර ඇති බවයි.

කෙසේවෙතත් රඹුක්වැල්ල අමාත්‍යවරයා එය ප්‍රතික්ෂේප කරමින් එම පරීක්ෂණවලට සහයක් ලෙස මෙලෙස ප්‍රකාශයක් ලබා දී තිබේ,

මේ සම්බන්ධයෙන් නීතිඥ මනෝජ් ගමගේ මහතා මාධ්‍ය වෙත පැවසුවේ එම ඖෂධය ගෙන්වීමට අදාළ ප්‍රශ්නගත සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ල කර ඇත්තේද කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා විසින් වන අතර අමාත්‍යාංශයේ ටෙන්ඩර් ක්‍රියාවලියට අමාත්‍යවරයාගේ සම්බන්ධයක් නොමැති බවයි.

ඒ අනුව අදාළ ගණුදෙනුව සිදුකර ඇත්තේ අමාත්‍යාංශයේ නිලධාරීන් බව නීතිඥවරාය ප්‍රකාශ කරන ලදී.

මේ අතර ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරය සතු ලිඛිත සාක්ෂි සියල්ල ද අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දුන් බවද ඔහු සඳහන් කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාවේ ජාතික විධායක කමිටු සාමාජික ලාල් විජේනායක අභාවප්‍රාප්ත වෙයි !

ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික ජ්‍යේෂ්ඨ නීතීඥ...

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...