සැකකරුවන්ට දීර්ඝකාලීනව බන්ධනාගාරගත වීමට හේතුව විගණනයකින් හෙළිවෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සැකකරුවන්ට දීර්ඝකාලීනව බන්ධනාගාරගත වීමට හේතුව ලෙස රස පරීක්ෂණ වාර්තා අධිකරණයට ඉදිරිපත් නොකිරීම බව විගණන වාර්තාවකින් අනාවරණය වී ඇත.

පොලිසිය විසින් රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ මත්ද්‍රව්‍ය සාම්පල්වලට අදාළ රස පරීක්ෂණ වාර්තා මෙතෙක් ඉදිරිපත් නොවීම නිසා 2022 දෙසැම්බර් මස 31 වන දිනට රක්ෂිත බන්ධනාගාරගත කර ඇති සැකකරුවන් සංඛ්‍යාව 5676 දෙනෙකු වන බවට හෙළි වී ඇත.

විගණන දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත්තේ, අදාළ වාර්තා ප්‍රමාද වීම මත ඔවුන් දීර්ඝකාලයක් බන්ධනාගාරගතව සිටීමේ තත්ත්වය බන්ධනාගාර දෙපාර්තමේන්තුවට පාලනය කළ හැකි තත්ත්වයක් නොවන බවයි.

ඒ අනුව එම දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කර ඇත්තේ, කාලීන අවශ්‍යතාවයට ගැලපෙන පරිදි රැඳවියන් යහපත් පුරවැසියන් ලෙස පිටත්වීමට අවශ්‍ය පසුබිම සැකසෙන පරිදි කටයුතු කළ යුතු බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!

විපක්ෂ මන්ත්‍රී රසමානික්කම්ගෙන් විපක්ෂයට විරෝධය – නම් කියලම කියයි

කොළඹ LNW:ත්‍රීකුණාමලය ශ්‍රී සම්බුද්ධජයන්ති බෝධිරාජ විහාරය සම්බන්ධයෙන් මතු වූ...

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...