තොරතුරු දැනගැනීමේ කොමිසමේ සභාපති පත් කිරීම පිළිබඳ  සිවිල් සමාජ සංවිධානවල දැඩි අවධානය

Date:

දිගුකලෙක පටන් ශ්‍රී ලාංකේය පුරවැසි සමාජය ඉමහත් අපේක්ෂාසහගතව පසුවූ සමාජ හා දේශපාලන ප්‍රතිසංස්කරණයක් වූයේ තොරතුරු දැනගැනීමේ පනතක් මෙරටේ නීතිගත වීමයි. එවැන්නක් මෙරටෙහි සම්මත වීම නිසැකවම අප රටෙහි ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් හා රාජ්‍යකරණයේ නිර්දේශපාලනිකත්වය කෙරෙහි ආශක්ත පුරවැසි සමාජයේ ජයග්‍රහණයකි.

ඊට සමගාමීව ස්ථාපිත පළමු කොමිෂන් සභා සාමාජිකයන්ගේ ධූරකාලය නිමාවීමත් සමඟ අභිනව කොමිෂන් සභාවක් පත්කොට ඇත්තේය. ඒ පසුගිය වසරේ සම්මත විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ප්‍රකාරව පිහිට වූ පාර්ලිමේන්තු සභාවේ නිරීක්‍ෂණ හා ජනාධිපතිවරයාගේ අභිලාශ පරිදිය.

එලෙස ප්‍රතිෂ්ඨාපිත දෙවැනි කොමිෂන් සභාවේ සාමාජික තෝරාගැනීම් පිළිබඳව අප වෙසෙස් අවධානයක් දක්වන ලද්දේ මෙකී සුවිශේෂී ක්‍ෂේත්‍රයෙහි දිගුකලෙක පටන් නියැළුණු හා එහි ප්‍රගතිය උදෙසා කැපවූ පිරිසක් ලෙසිණි. ඒ අනුව අප ඉහත කී මාධ්‍ය නිවේදනය හා එකඟව අස්සන් තබන ලද්දේ අභිනව කොමිෂන් සභා සභාපතිවරයා අදාළ තනතුරට පත්කිරීම අයෝග්‍ය හා අනුචිත තීරණයක්ය යන අපගේ ස්ථාවරය තහවුරු කිරීමේ එක් පියවරක් ලෙසිණි. එකී ස්ථාවරය අද ද නොවෙනස්ව පවත්නා අතර ඉහත කී මාධ්‍ය නිවේදනයේ මුඛ්‍ය අරමුණද එයම විය.

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිසමෙහි සංයුතිය පිළිබඳව අප ස්ථාවරය පැහැදිලි කිරීම සඳහා මෙය අවස්ථාවක් කොට ගන්නෙමු. කොමිසමෙහි සංයුතිය තුළ සුළු ජාතීන් හා රටේ සියලුම රාජ්‍ය භාෂා හසුරවන්නන් නියෝජනය විය යුතු බව අවධාරණය කිරීම ඉතා වැදගත්ය.
මෑතකදී තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිසමෙන් සිදුවූ ඉල්ලා අස්වීමත් සමඟ ඉහත කී සංයුතිය පිළිබඳ ගැටළුව විසඳීමට බලධාරීන්ට ඉඩකඩ ලැබී ඇත. මීට අමතරව, අප විසින් මීට පෙර පළකරන ලද මාධ්‍ය නිවේදනය මගින් කිසිවිටෙකත් කොමිසම සඳහා තේරීපත් වී සිටින අනිකුත් සභිකයන් ප්‍රතික්ෂේප කිරීමක් හෝ ඔවුන්ගේ පත්වීමට විරෝධය පළ කිරීමක් නොකරන බවට ප්‍රකාශ කර සිටිමු.

ඒ අනුව අප ආරම්භයේ පටන් දරන ස්ථාවරය වන්නේ තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවෙහි චිර පැවැත්ම හා කීර්තිමත් කාර්යයභාරය ආරක්ෂා කරගැනීම අරඹයා ඊට ඉහළ සමාජ පිළිගැනීමක් හා නිසි සමාජ ගෞරවයක් දිනාගත් සුපිළිපන්න තැනැත්තෙක් සභාපතිවරයා ලෙස පත්කල යුතුය යන්නයි.

අස්සන් කළේ:

නදීෂානි පෙරේරා
– විධායක අධ්‍යක්ෂ, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා
ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු
– විධායක අධ්‍යක්ෂ, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය
ආචාර්ය සකුන්තලා කදිරගාමර්
– විධායක අධ්‍යක්ෂ, නීතිය හා සමාජ භාරය
රෝහණ හෙට්ටිආරච්චි
– විධායක අධ්‍යක්ෂ, පැෆ්රල් සංවිධානය
ලයනල් ගුරුගේ
– ජ්‍යෙෂ්ඨ පර්යේෂක, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය
මංජුල ගජනායක
– ජාතික සම්බන්ධීකාරක, මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය (CMEV)
පිලිප් දිසානායක
– විධායක අධ්‍යක්ෂ, රයිට් ටු ලයිෆ් (Right to Life) මානව හිමිකම් මධ්‍යස්ථානය
මෛත්‍රී රාජසිංහම්
– විධායක අධ්‍යක්ෂ, විළුදු
තිලක් කාරියවසම්
– සභාපති, ෆියාන් (FIAN)
නිශාන්ත ප්‍රීතිරාජ්
– ජාතික සංවිධායක, ජාතික දේශෝදය සභාව

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...