ශ්රී ලංකාවට ණය පදනම මත බොරතෙල් ලබාදීමට සිංගප්පූරුව එකඟතාව පළ කර ඇති බැවින් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වැසීමේ අවදානමක් නොමැති බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසයි.
දින 180ක් තුළ ණය පියවීමේ එකඟතාව මත අදියර හයක් යටතේ සිංගප්පූරුවෙන් බොරතෙල් ලබාගැනීමට නියමිත බවයි ඒ මහතා සඳහන් කළේ.
එසේම එම බොරතෙල් තොග ජනවාරි මැද භාගය පමණ වනවිට මෙරටට ලැබෙනු ඇති නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යෑමට හැකිවනු ඇති බවත් ඒ මහතා ප්රකාශ කළේය.
RN