*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

ඩොලර් අර්බුදය නිසා ලංකාවේ ගුවන් ගමනුත් අඩපණ වන ලකුණු!

ශ්‍රී ලංකාව තුළ මතුව ඇති ඩොලර් අර්බුදය සංචාරක කර්මාන්තයට බලපෑම් එල්ල කරන බවට ලකුණු පහළ වී තිබේ.

ක්ෂේත්‍රයේ ආරංචිමාර්ග පවසන අන්දමට, සාමාන්‍ය විකුණුම් නියෝජිතයන් (GSA) සහ දේශීය ගුවන් කාර්යාල විසින් විදේශීය නියෝජිතයන්ට ගෙවීමට නියමිත මුදල් මාස ගණනාවක් පුරාවට නොලැබීම නිසා ගුවන් ගමන් වාර සංඛ්‍යාව කපා දමා තිබේ.  

ගතවූ මාස 04 – 05 පුරාවටම මෙම අර්බුදය මතුව ඇති අතර, ඊට පිළියම් සෙවීම සඳහා බලධාරීන් සමඟ පැවැත්වූ සාකච්ඡා ද සාර්ථක වී නොමැති බවට සඳහන්.

මීට ඉහත දී අදාළ ගෙවීම් විදේශ මුදල් ඒකක (ඩොලර්) වලින්ම විදේශ නියෝජිතයන් වෙත ක්ෂණිකව ප්‍රේශණය කිරීමට කටයුතු යොදා තිබුණ අතර, ගතවූ මාස ගණන තුළ එය නිසි පරිදි සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.

මෙම ගෙවීම් වලට ප්‍රවේශපත්‍ර අලෙවියේ ප්‍රතිශතයන් හෝ ගමන්මළු ගබඩා කරන අවකාශයෙන් ලැබෙන ආදායම අඩංගු වේ.

මේ අතර, Maersk නම් සැපයුම් ආයතනය විසින් මෙම සතියේ නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, පවතින ඩොලර් හිඟය මත නියමිත වේලාවට භාණ්ඩ ප්‍රවාහනය සිදුකිරීමට අදාළ මුදල් ප්‍රේෂණය වීම සම්බන්ධයෙන් අභියෝගවලට මුහුණ දෙමින් සිටින බවත්, මෙම තත්ත්වය මත නිසැකවම දේශීය අපනයනකරුවන්ට අවශ්‍ය භාණ්ඩ අවකාශය ලබා දීම සම්බන්ධයෙන් ගැටළු මතුවනු ඇති බවත් ය. ඒ අනුව, නීතියට අනුව කටයුතු කරමින් වහා ක්‍රියාත්මක වන පරිදි අදාළ මුදල් ඇමරිකානු ඩොලර් වලට පරිවර්තනය කිරීමට සිදුවන බව එම ආයතනය වැඩිදුරටත් නිවේදනය කරයි.

එවන් නිවේදනයක් නිකුත් කර තිබෙන වාතාවරණයක් තුළම ඉහත අර්බුදය ක්ෂේත්‍රයේ මතුව තිබීම විශේෂත්වයකි.

රටතුළ මතුව ඇති ඩොලර් අර්බුදය සියළු ගුවන් සමාගම් වෙත බලපෑම් සිදුවන බවට ක්ෂේත්‍රයේ ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි. ඒ අනුව ගමන්මළු ප්‍රවාහනයට අදාළව සිදුකළ යුතු සියළු ගෙවීම් ඩොලර් වලින් පියවීමට සිදුව තිබේ.

ගුවන් ටිකට්පත් නිකුත් කිරීමේදී සමාගමට ලැබෙන මුදල හැර අනෙත් සියළු මුදල් ඩොලර් වලින් ප්‍රේෂණය කළ යුතු බවත්, ඒ සඳහා අවශ්‍ය ඩොලර් නොමැතිවීම හේතුවෙන් ගුවන් ගමන් සීමා කිරීම සිදුවන බවටත් තොරතුරු වාර්තා වේ.

සංචාරක ප්‍රවර්ධන කටයුතු සඳහා රජය විශාල වශයෙන් මුදල් ආයෝජනය කර තිබෙන බවට සඳහන් කළ ද, මෙම අර්බුදය සංචාරක කර්මාන්තයට බරපතල අභියෝගයක් වී තිබේ. සතියකට ගුවන් ගමන් 12 ක් යොදා තිබූ ඇතැම් ගුවන් සමාගම් දැන් යොදා ඇත්තේ ගුවන් ගමන් 03 ක් පමණ ය.

සංචාරක කේන්ද්‍රස්ථානයක් වශයෙන් ශ්‍රී ලංකාවට සංචාරකයන් රැගෙන ඒම හා ඒ හරහා විශාල ආදායමක් රටට ලබා ගැනීම සඳහා සඳහා ගුවන් සමාගම් විශාල වශයෙන් කැපවී ක්‍රියාකරන පසුබිමක් තුළ මතුව ඇති ඩොලර් අර්බුදයට පිළියම් යෙදීමට රජය වහා කටයුතු කළ යුතු බවටයි ක්ෂේත්‍රයේ කටයුතු කරන්නන් අවධාරණය කරන්නේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan