*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

මහවැලි ගඟේ සාපි නගර් ප්‍රදේශයේ මහා පරිමාණ වැලි කැණීම් සදහා රජයේ අවසර!

ස්වභාවික ඩෙල්ටාවක් ලෙස වර්ධනය වන මහවැලි ගඟේ සාපි නගර් ප්‍රදේශයේ යන්ත්‍ර සුත්‍ර භාවිතා කරමින් මහා පරිමාණ වැලි කැනීම් සදහා අහංගම වැලි කැණිම් සමාගමට මෙි වන විට බලපත්‍ර ලබාදී තිබේ.

භූ විද්‍යා පතල් කාර්යාංශය විසින් මහා පරිමාණ කැණිම් සඳහා බලපත්‍ර නිකුත් කරන්නේ නම් ඒ සදහා පාරිසරික තක්සේරුවක් සිදු කර මෙම පරිසර පද්ධතියේ සංවෙිදීතාවය පිළිබද අධ්‍යයනය කළ යුතුය.

එසේ නොමැතිව මහා පරිමාණ වැලි කැණීම් බලපත්‍ර නිකුත් කිරීම නීති විරෝධි ක්‍රීයාවලියකි.

මීට පෙර මෙම ප්‍රදේශයේ සුළු පරිමාණ වැලි කැණීම් සඳහා ප්‍රදේශවාසීන් විසින් බලපත්‍ර ඉල්ලා සිටියද කූඩ මගින් වැලි ගැනීම මෙම ස්වභාවික පරිසර පද්ධතියට හානි විය හැකි බව පවසා භූ විද්‍යා පතල් කාර්යංශය එය ප්‍රතික්ෂේප කර තිබුණි.

එමෙන්ම විසල්මා කන්ස්ට්‍රක්ෂන් ආයතනය වැලි කැනීම සඳහා බලපත්‍ර ඉල්ලා සිටියත් එම ප්‍රදේශයේ ඇති පාරිසරික සංවෙිදීභාවය නිසාම එම වැලි බලපත්‍රය ලබාදීම භූවිද්‍යා හා පතල් කාර්යංශය විසින් ප්‍රතික්ෂේප කර තිබුණි.

මෙම ප්‍රදේශයේ අනවසර මහා පරිමාණ යන්ත්‍ර සූත්‍ර යොදා වැලි කැණීමට අවසර දී ඇති සාපි නගර් ප්‍රදේශය මහවැලි ගඟ විසින් පාරිණාමිකව ගලා යාමෙිදී සොබාවික ලෙස නිරීමාණය වු ජල තටාක හා වැලි නිධි විශාල ප්‍රමාණයක් ඇති ප්‍රදේශයකට මෙන්ම සොබාවික පාරිසරික සංවෙිදි කලාපයකටයි.

නමුත් එම වැලි නිධි එම ප්‍රදේශවලින් ඉවත් කිරීම කරන්නේ නම් ඒ සදහා නිසි ලෙස අධ්‍යනයක් කළ යුතුය. ගම්මුන් ප්‍රදේශයේ වැලි ඇති දැයි සොයා ගන්නේ ප්ලාස්ටික් බටයක් යටට යවා තිබෙන ප්‍රමාණය මැන ගැනීමෙිනි. භූ විද්‍යා හා පතල් කාර්යාංශය මෙම වැලි බලපත්‍ර නිකුත් කිරිමට පෙරද වැලි නිධියේ ඝනත්වය මැන ඇත්තේ මෙි ආකාරයටය.

මෙවැනි මැනිම් කර බලපත්‍ර දීමට භූ විද්‍යා හා පතල් කාර්යාංශයක් අවශ්‍ය වන්නේ නැත. වැලි කැණීම් වලින් අනතුරැව ඇති විය හැකි ව්‍යවසනයක් පාලනය කිරීමට හැකිනම් පමණක් ඒ සදහා අවසර දීම විද්‍යාත්මක ක්‍රමය වේ. නමුත් මෙහිදි දේශපාලන බලපෑම් මත කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැතිව මෙම වැලි කැණීම් බලපත්‍ර නිකුත් කර තිබෙි.

2021/57/LS අංකයෙන් නිකුත් වුණු 2021 ත්‍රිකුණාමලය ප්‍රදේශයේ වැලි කැණීම් සම්බන්ධව කළ වාර්තාවට අනුව අධික ප්‍රමාණයක් වැලි බලපත්‍ර දැනටමත් නිකුත් කර ඇති නිසා එමගින් මහ වැලි ගගේ ඉවුරට විශාලි හානි පැමිණ ඇත.

එමෙන්ම ප්‍රදේශයේ ලවනතාවය වැඩි වී ඇති බවට පර්යේෂණ මගින් සනාත වී තිබේ.

එයට අමතරව පසුගිය ඔක්තොම්බර් මස 11 වැනි දින කළුගල්,වැලි,පස්, බොරළු හා මැටි කැණීම් ප්‍රවාහනය හා වෙළදාම සම්බන්ධව බලපත්‍ර නිකුත් කිරීම වෙනුවෙන් ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර මහතා විසින් 02/2021 චක්‍රලේඛය නිකුත් කිරීම රටේ ගංගා පරිසර පද්ධතිය බරපතල විනාශයකට ගෙන යාමකි.

2020 ඔක්තෝබර් මස හයවන දින 2196/28 අති විශේෂ ගැසට් පත්‍රය මගින් පත්කළ කමිටුවට අනුව වැලි ගොඩදැමීම හා ප්‍රවාහනය සම්බන්ධව ඇති බාධා නිසා වැලි ගොඩ දමන ජනතාව, සමාගම් සියල්ල අපහසුතාවයට පත්ව ඇති අතර එම අපහසුතාවයන්ගෙන් ජනතාව මුදවා ගැනීමට නැවත වැලි හා ඛණිජ බලපත්‍ර ලබාදිම වෙනුවෙන් යැයි කියා නැවත වැලි ජාවාරමට රාජ්‍ය අනුග්‍රහය ලබා දීමට මෙමගින් උත්සහ කරමින් ඇති බවයි පෙනෙන්නට ඇත්තේ.

එමෙන්ම මේ වන විට මහවැලි ගංඟාවේ දකුණු ඉවුරට පමණක් ලබාදුන් වැලි ගොඩ දැම්මේ බලපත්‍ර වම් ඉවුරටත් ලබාදීම මෙම රජය යටතේ 2021 වර්ෂයේ ආරම්භ කර ඇති බවත් සේරුවාවිල සිට කින්නියා ප්‍රදේශය දක්වා කිලෝමිටර් 22 තුළ වැලි බලපත්‍ර 1300 ලබා දී ඇති බවත් ඔහු සඳහන් කළේය.

මෙම හේතුව නිසා ප්‍රදේශයේ බරපතල පාරිසරික හානියක් සිදුවී ඇත. මේ වන විට කන්තලේ හා සේරුවාවිල ගොවි ව්‍යාපාරවල අක්කර හැට දහසක් පමණ වගා කරන අතර වැලි ගොඩ දැමීම නිසා ඇති වී ඇති ලවනතාවය හේතුවෙන් බරපතල ලෙස වී ගොවිතැන් විනාශ වෙමින් තිබේ.

මෙරට ගංගා පරිසර පද්ධතිය තුළ නැවත වැලි කැණීමට රජය ඉඩදිම තුළින් අනාගතයේදී බරපතල පාරිසරික හානියක් හා භූගත ජලය පිළිබඳ අර්බුදයක් ඇති විය හැකිය

නව චක්‍රලේඛය හරහා වැලි කැණීම සඳහා බලපත්‍ර ලබා දීම ප්‍රාදේශීය ලේකම්වරුන් යටතට පත්කිරීමට යෝජනා කර තිබෙන බවත් එම ක්‍රියාවලියෙන් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබෙන බවත් එමඟින් සිදුවන්නේ දැඩි පාරිසරික හානියකට අතවැනීමක් බවත් අප විසින් මීට මාස කිහිපයකට පෙර පෙන්වාදුන් අතර
මෙහිදී පවතින විශේෂ ගැටළුවක් වන්නේ පරිසර හිතකාමියෙකු බව පෙන්වාදෙමින් බලයට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතාම විශාල පරිසර හානියකට උරදෙමින් සිටීමයි. මෙම තත්ත්වය රටට උදාකිරීමට උරදුන් ඇතැම් පරිසරවෙිදීන් ද මෙයට වගකිව යුතුය.

පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම්.
ජාතික සම්බන්ධීකාරක
පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan