නහයට අහන්නේ නැතිව ගිය කෝලිට විනය ක්‍රියාමාර්ගයක්!

Date:

සටහන: පුන්සරා ලියනගේ

දෙසැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):ඉකුත් බ්‍රහස්පතින්දා මෙල්බර්න්හිදී ආරම්භ වූ සිව්වැනි ටෙස්ට් තරගයේ පළමු දිනයේදී ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු සෑම් කොන්ස්ටස්ගේ උරහිසෙහි දැඩිව වැඳීයාම සම්බන්ධයෙන් ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාට් කෝලිට ICC ය විසින් දඬුවම් නියම කර ඇති බව වාර්තා වේ.

මේ සඳහා කෝලිට ඔහුගේ තරගාවලියට ගෙවන මුදලින් සියයට 20 ක දඩයක් නියම කර ඇති අතර ඔහුගේ විනය වාර්තාවට ද මේ පිළිබඳ ඇතුළත් කර තිබේ.

ඕස්ට්‍රේලියානු ඉනිමේ 10 වැනි ඕවරය අවසන් වීමෙන් පසු කෝලි සහ කොන්ස්ටස් අතර වූ උරහිස් ගැටීමෙන් මෙම සිදුවීම උත්ගතවිය.

කෝපයට පත් කොන්ස්ටස් උස්මාන් කවාජාට පෙර කෝලිට එරෙහිව මුහුණ දුන් අතර පිටියේ විනිසුරු ද ඊට මැදිහත් විය.

කොන්ස්ටස් ලකුණු 27ක් රැස්කරගෙන සිටියදී මෙම ගැටුම සිදු වූ අතර ඔහු ඊළඟ ඕවරයේ ජස්ප්‍රිත් බුම්රාගේ පන්දුවකට හතරේ පහර 2ක් සහ හයේ පහරක් ද එල්ල කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...