දකුණු කොරියාවේ වැඩබලන ජනාධිපති හැන් ඩක්-සූට එරෙහිව දෝෂාභියෝගයක්

Date:

සටහන: සශිකලා මධුෂාණි
දෙසැම්බර් 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : දකුණු කොරියාවේ වැඩබලන ජනාධිපති හන් ඩක්-සූට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනවිත් ඇති බව වාර්තා වේ.

දෝෂාභියෝගය තහවුරු වීමට අවශ්‍යව තිබු ජන්ද 151ට සාපේක්ෂව ජන්ද 192ක් ලැබී ඇති අතර ජනාධිපති යූන් සුක් යෝල්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනවිත් සති දෙකකට පසුව මෙලෙස වැඩබලන ජනාධිපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනවිත් තිබේ.

දෙසැම්බර් 3 වන දින යුධ නීතිය පැනවීමට ඔහු ගත් අසාර්ථක උත්සාහයෙන් පසු ජනාධිපති යූන් පාර්ලිමේන්තුව විසින් දෝෂාභියෝගයට ලක් කිරීමෙන් පසුව අගමැති හැන් එම භූමිකාව භාර ගත්තේය.

ජනාධිපති යූන් සුක් යෝල්ගේ නඩුව අධීක්‍ෂණය කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් තෝරාගෙන තිබූ විනිසුරුවරුන් තිදෙනෙකු පත් කිරීම හන් ඩක්-සූ වැළැක්වීමත් සමඟ මෙලෙස ඔහුට එරෙහිව දෝෂාභියෝගය ගෙනවිත් ඇති අතර දකුණු කොරියාවේ වැඩබලන ජනාධිපතිවරයෙකුට දෝෂාභියෝගයක් එල්ල වූ පළමු අවස්ථාව මෙය වේ.

යූන් මෙන්ම, හැන්ගේ ද දෝෂාභියෝගය ව්‍යවස්ථාපිත අධිකරණය විසින් තහවුරු කිරීමට අවශ්‍ය වනු ඇති අතර දෝෂාභියෝගය තහවුරු කළ යුතුද යන්න සම්බන්ධයෙන් තීන්දුවක් දීමට දින 180ක් ඇත.

කෙසේ නමුත් ජාත්‍යන්තර මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ හන්ට එරෙහි දෝෂාභියෝගය සම්මත වීමෙන් අනතුරුව ඒ වෙනුවට මුදල් ඇමති චෝයි සංග්-මොක් වැඩබලන ජනාධිපති ලෙස පත් කිරීමට නියමිත වන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වොලිබෝල්වල හෙට දවසට වටිනාම dialog එක මහඋස්වැවටයි දෙබැඟමටයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 04,  කොළඹ LNW: ශ්‍රී ලංකා වොලිබොල් සම්මේලනයේ මඟ...

කාන්තාවන්ට දොර ඇරෙන දුම්රියේ තනතුරු!

කොළඹ LNW:ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ තනතුරු කිහිපයක් සඳහා කාන්තා...

මහරගම – පිලියන්දල ජනතාවට සතුටුදායක පුවතක්!

මහරගම පිළියන්දල මාර්ගයේ කිලෝමීටර් 2+000 සිට කිලෝමීටර් 3+700 දක්වා...