WHO ප්‍රධානියාගේ දිවි අනූනවයෙන් බේරෙයි!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

යේමනයේ සානා ජාත්‍යන්තර ගුවන් තොටුපළට ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ල වන අවස්ථාවේ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ප්‍රධානියා සහ එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩල සාමාජිකයන් කිහිපදෙනෙක් එහි රැඳී සිට ඇති බව වාර්තා වේ. ප්‍රහාර ආරම්භ වන විට ඔවුන් ගුවන් යානයකට නැගීමට සූදානම්ව සිටි බව WHO අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් ඇඩනම් ගේබ්‍රියේසිස් පැවසුවේය.

විදෙස් වාර්තා පවසන්නේ, එම ප්‍රහාරයෙන් පුද්ගලයින් හය දෙනෙකු මිය ගිය බවයි.

ඒශ්‍රායල ප්‍රහාරවලින් ගුවන් තොටුපළේදී පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් 30 දෙනෙකු තුවාල ලබා ඇති බව, හවුතීන් පාලනය කරන සාබා ප්‍රවෘත්ති ඒජන්සිය පැවසුවේය. නමුත් හමුදා ඉලක්ක වෙත බුද්ධි අංශ පදනම් කරගත් ප්‍රහාර සිදු කළ බව ඊශ්‍රායල හමුදාව පවසා ඇත.

X හි සටහනක් තබමින් අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් ඇඩනම් ගේබ්‍රියේසිස් පවසන්නේ, එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩල රැඳවියන් නිදහස් කිරීම සඳහා සාකච්ඡා කිරීමට සහ රටේ සෞඛ්‍ය සහ මානුෂීය තත්ත්වය තක්සේරු කිරීමට තමන් යේමනයේ සිටින අතරතුර මෙම ප්‍රහාරය එල්ල වූ බවයි.


සානා ගුවන්තොටුපළට එල්ල වූ ප්‍රහාර ගැන සඳහන් කරමින් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් එම ම්ලේච්ඡ ප්‍රහාර හෙළා දැක තිබෙන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉදිකිරීම් අවසන් අදියරේ පසුවන ස්ප්‍රින්ංවැලි Bailey Bridge!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW : දිට්වා සුළිකුණාටුවෙන්...

සේවා රැසක් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්!

සේවා රැසක් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති...

මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව නව්‍යකරණය කිරීම පිළිබඳ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ අවධානය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW: පසුගියදා පවුලේ වෛද්‍යවරයා කේන්ද්‍ර...

හදිසි තත්ත්වය තවදුරටත් දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW: අද (28) දින මහජන...