බාල ඖෂධ : ඔන්ඩැන්සෙට්‍රොන් එන්නත ගැන CIDයට පැමිණිල්ලක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ප්‍රශ්නගත ඔන්ඩැන්සෙට්‍රොන් එන්නත සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක් සිදුකරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අදාළ එන්නත ලබාදීමෙන් පසු මියගිය බව පැවසෙන රෝගීන් දෙදෙනාගේ ඥාතීන් විසින් මෙම පැමිණිල්ල ගොනුකර ඇත.

“සෞඛ්‍ය අමාත්‍යාංශය කියලා තිබුණා රෝගීන් දෙදෙනා රෝහලට ඇතුළත් වෙනකොට කිසිම මරණීය රෝගයක් තිබ්බෙ නැහැ කියලා. ඉතින් මේ වගේ දෙයක් ආයෙ කවදාවත් සිද්ධ නොවෙන්න වැඩ සිද්ධ වෙනවා නම් මගේ බිරිඳට කරන ලොකුම ගෞරවය තමයි ඒක” යැයි ඉහත සිද්ධියෙන් මියගිය කාන්තාවගේ සැමියා වන චානක මධුසංඛ මහතා එහිදී සඳහන් කළේය.

උණ රෝගය වැළඳීමෙන් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් දෙදෙනෙකු පසුගිය 11 වනදා සහ 14 වනදා හදිසියේ මියගොස් තිබුණු අතර මාරාන්තික තත්ත්වයක නොසිටි එම රෝගීන් දෙදෙනා මියගියේ ඔන්ඩැන්සෙට්‍රොන් එන්නත භාවිතයෙන් පසු ඇතිවූ සංකුලතා හේතුවෙන්දැයි බරපතළ සැකයක් මතුව තිබිණි.

ඒ අනුව මේ වනවිට එම එන්නත භාවිතය අත්හිටුවා ඇති අතර එම එන්නත සැපයූ සමාගමේ තවත් ඖෂධ 10ක් ද තාවකාලිකව භාවිතයෙන් ඉවත් කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ඉහත මරණ සිදුවූයේ අදාළ එන්නත නිසාද යන්න පිළිබඳව පරීක්ෂණ දෙකක් සිදුකෙරෙමින් පවතින බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...