මාධ්‍ය ආයතන මර්දනය කරන්න මේ ආණ්ඩුව උත්සාහ කරනවා – නාමල් රාජපක්ෂ

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW :

පසුගියදා ඇතිවුණු ආපදා තත්වය රටට දැනුම් දුන් පුද්ගල‍යින්ට හෝ මාධ්‍ය ආයතනවලට දඬුවම් කිරීමට උත්සාහ කිරීම අසාධාරණ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය . එමෙන්ම, සූරියකන්ද පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කළ පොලිස් නිලධාරියෙක් සහ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සමඟ ඇති වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන්ද ඔහු අදහස් දැක්වීය .

වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් එම පොලිස් නිලධාරියාට පහර දී ඇතත්, මේ වන තෙක් ඔහුව අත්අඩංගුවට ගෙන නොමැති බවය . ඒ වෙනුවට මෙම සිද්ධිය පිළිබඳව රටට දැනුම්දුන් මාධ්‍ය ආයතන මර්දනය කිරීමට ආණ්ඩුව උත්සහ දරණ බව ඔහු පැවසීය .

වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ,

“ අපි දැක්කා පහුගිය දිනක මාලිමාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ගංජා වවලා තිබ්බා. හැබැයි ගංජා අල්ලන්න ගියපු පොලිසියේ නිලධාරියට පහර දුන්නා. අනිත් එක්කෙනාව ස්ථාන මාරු කරා. පහර දීලා ගුටි කාපු කෙනා හිරේ ගිහිල්ලා තියෙනවා. අර ‘ඌ මට ගැහුවා, මට ඌ ගැහුවා’ වගේ. ගුටිකාපු කෙනා හිරේ. ගහපු කෙනා එළියේ. ගංජා අයිතිකාරයත් එළියේ. අල්ලපු නිලධාරියා හිරේ. ගහපු මන්ත්‍රීත් එළියේ.

හැබැයි ඒ පිළිබඳව රටට ලෝකෙට දැනුවත් කරා කියලා මාධ්‍ය ආයතන මර්දනය කරන්න මේ ආණ්ඩුව උත්සාහ කරනවා. පොලිසියේ පොලිස්පතිවරයටත් ලැජ්ජ නැහැ තමන්ගේ පොලිසියේ මාධ්‍ය ප්‍රකාශකවරයා දම්මලම මේ කාරණය පිළිබඳව රටට කියන්න. මොකද මේ හංදියක් හංදියක් ගානේ වෙඩි තියලා මනුස්ස ජීවිත නැති කරනවා සංවිධානාත්මක අපරාධකරුවාන්. ඒවා හොයන්න වෙලා නෑ. අනිත් පැත්තෙන් පොලිසියේ ගෞරවය ආරක්ෂා කරන පොලිස් නිලධාරියාගේ ගෞරවය ආරක්ෂා කරන පොලිස්පතිවරයා හෝ පොලිසියේ මාධ්‍ය ප්‍රකාශකවරයා මැදිහත් වෙන්නේ නෑ.

ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා බවට නැත්නම් ජේ.වී.පී එකේ මාධ්‍ය ප්‍රකාශවරයා බවට පොලිස්පතිවරයා සහ පොලිසිය මාධ්‍ය ප්‍රකාශවරයා පත්වෙලා තියෙනවා…”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආදරය දනවන වීදි කලාවේ සුන්දරත්වය, එන්න ආදරෙන් විඳින්න!

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): අත්පොතක් අවශ්‍ය නොවන එකම...

ඔබ නොදුටු නේපාලයේ සොඳුරු මිනිසා Binod Chaudhary…

නේපාලයේ බිලියනපති බිනෝද් චවුද්රිගේ ජීවිතය සහ වෘත්තීය ගමනේ සොඳුරු...

බාල ගල් අඟුරු ප්‍රශ්නය ගැන සොයන්න සජිත් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මතුව තිබෙන ගල් අඟුරු ප්‍රශ්නය සම්බන්ධයෙන් ස්වාධීන...

අවසන් පැතුමක් ඉටු විය! රොක්ස්ටාර් නිහඬවම GTA 6 සිහිනයක් සැබෑ කරයි.

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): නොවැම්බර් මාසයේ එළිදැක්වීමට...