ජීවන ගීතය නිම කළ ගීත කෝකිලාවිය “ලතා”

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW :

සුවහසක් කලා ලෝලීන් ගීතයෙන් මුසපත් කළ හෙල ගීත කෝකිලාවිය කලාශූරී ලතා වල්පොල මහත්මිය අද (15) සැන්දෑවේ ,දිවිගමනට සමුදී තිබේ.

මියයන විය ඇය 91 වන වියේ පසු වූ ඇය, වර්ෂ 1934 දී ගල්කිස්සේ දී උපත ලැබූ ලතා වල්පොල මහත්මිය 1946 වසරේ දී එවක රේඩියෝ සිලෝන් හි තම පළමු ගායනය ඉදිරිපත් කරන්නේ, වයස අවුරුදු 12ක පුංචි දැරියක් ලෙසයි.

සිනමාවේ සදාකාලික ‘ගී රාජිනිය’ ලෙසද ලතා වල්පොල මහත්මිය විරුධාවලි ලබා ඇති ලතා වල්පොළ මහත්මිය මේ වනවිට ගීත දස දහසකට අධික ප්‍රමාණයක් ගායනා කර ඇති අතර, ඒ අතර විදෙස් භාෂා ගීත ද වේ.

1953 වසරේ දී එදා රෑ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසුණි.

ඇය ගෙවුණු දසක කිහිපය තුළ චිත්‍රපටි 600කට අධික ප්‍රමාණයකට තම හඬ දායකත්වය දක්වා ඇති අතර එතෙක් මෙතෙක් බිහිවූ සදා නොමැකෙන මතක ගොන්නක් සමඟ ගීත රාවය පමණක් ඉතිරි කොට ඈ මෙලෙස ජීවන ගීතයට සමුදී නික්ම ගොස් ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත්ගේ සම කළ නොහැකි මනුස්සකම !

එංගලන්තයේ පදිංචි ජ්‍යේෂ්ඨ ශ්‍රී ලාංකික නීතීඥවරයකු වන ජනක පීරිස්...

ශ්‍රී ලංකාව ජපානය සමඟ ගැටුමෙන් තරගාවලිය අරඹයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19...

කහ ජර්සිය සමඟ පිංතු මහනුවර සිට අනුරාධපුරයට

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: https://youtu.be/Y600dnlsI2c Lanka Ride තෙදින...

රන්වලගේ රිය අනතුර : තුවාලකරුවන්ගේ වෛද්‍ය වාර්තා තවමත් ලැබී නැතැයි පොලීසිය උසාවියට කියයි

සපුගස්කන්ද ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු කථානායක, පාර්ලිමේන්තු...