ව්‍යාජ සංදර්ශන එපා. සිංගප්පූරු ක්‍රමයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපවත්වන්න – සජිත් (VIDEO)

Date:

මේ වන විට රට තුළ කුඩු අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපවත්වනවා යනුවෙන් ව්‍යාජ සංදර්ශන සිදු කරමින් කුඩු, අයිස් වැනි මත්ද්‍රව්‍ය විශාල වශයෙන් ජාවාරම් කරන පුද්ගලයන් සිටිය දී අහිංසක පාසල් දරුවන්ගේ පොත් බෑග පරීක්ෂා කිරීම සිදු කරන බවත් මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවන් බදු ගෙවන ජනතාවගේ මුදලින් හිර ගේ තුළ සුරසැප විඳින බවත් ඔවුන් එළියේ සිටිනවාට වඩා හිර ගේ ඇතුළේ සිටීමෙන් කුඩු බිස්නස් විශාල වශයෙන් ලාභ ලබන බවත් මේ ගැන අවධානය යොමු නොකරන්නේ ඇයි ද කියා ගැටලුවක් පවතින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රටක ජීවනාලියවන් දරු පරපුර දැනුම, කුසලතාවය මෙන්ම පහසුකම් වලින්ද පරිපූර්ණ කිරීම වගකීමක් බව විශ්වාස කරමින් ඒ උදෙසා වූ තිරසර අරමුණ පෙරදැරිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක සක්වල වැඩසටහනට සමගාමීව 49 වන බස් රථය ලෙස රුපියල් පනස් ලක්ෂයක් වටිනා (රු. 5,000,000.00) බස් රථයක් ගා/බෙන්තොට ගාමිණී ජාතික පාසැලට පසුගියදා (23) පරිත්‍යාග කරනු ලැබීය.

රටේ තීන්දු තීරණ ගන්නා පාලකයන් මත්කුඩු ජාවාරම්කරුවන් සමඟ මිත්‍ර සම්බන්ධතා පැවැත්වීම හෝ කුඩු ජාවාරම්කරුවන්ට බිය වීම හෝ ජනාධිපති වූ පසු මත්කුඩු වැළැක්වීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති වීම හෝ 43 ලක්ෂයක් පාසල් දූදරුවන් හා විශ්වවිද්‍යාල දරු දැරියන් ගැන කැක්කුමක් නොමැති වීම නිසා හෝ දෙමාපියන්ගේ දුක නෙතේරෙන නිසා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සුරසැප විඳින බවත් එම නිසා කුමන පාර්ශ්ව විවේචනය කළත් සිංගප්පූරු ක්‍රමය උපයෝගී කර ගෙන හෝ මේ මත්කුඩු ජාවාරම මේ රටින් තුරන් කළ යුතු බවත් එය අපේ දූදරුවන්ගේ අනාගතය තීරණය කරන දෙයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (23) පැවසීය.

සමගි ජන බලවේග රජයක් තුළ ධාරිමිෂ්ඨකම සහ දශරාජ ධර්මය ක්‍රියාත්මක වුවත් කුඩු කාරයන් විනාශ කර දමන බවත් බොරු ඇස්බැන්දුම්වලින් තොරව එය සමාජය තුළ යථාර්ථයක් කරන බවත් තමා තුළ කයිවාරුව නොමැති බවත් කිව්වොත් දෙයක් කර පෙන්වන බවත් කයිවාරු කාරයන් අවශ්‍ය නම් ඒ අයට ඡන්දය දුන්නත් කමක් නැති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ තමාට කිසිදු අවස්ථාවක ව්‍යාජ ලෙස තනතුරු ලබා ගැනීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව යි.

අද වන විට අප රට මත්ද්‍රව්‍ය සහ කුඩු පාරාදීසයක් බවට පත් වීමේ පෙරමං සලකුණු පහළ වී ඇති බවත් මෙවැනි ඛේදනීය තත්ත්වයක් ඇති වන බවට මීට වසර කිහිපයක පෙර සිට තමා ප්‍රකාශ සිදු කළ බවත් මත්ද්‍රව්‍ය වැළැක්වීමට ඇති හොඳම ක්‍රමය ඇත්තේ සිංගප්පූරුවේ බවට ප්‍රකාශයක් සිදු කළ අවස්ථාවේ ලිබරල්වාදීන්, වාමවාදීන්, සමාජවාදීන් යැයි හඳුන්වන කොටස් තමාව විවේචනය කරමින් ධාර්මිෂ්ඨ පිළිවෙතක් අනුගමනය කළ යුතු යැයි පැවසූ බවත් එහි ප්‍රතිඵල මේ වන විට පාසල් දූ දරුවන් පවා ඉලක්ක කර ගෙන සිදුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කඩුලු වර්ෂාවට හසු නොවුණ කුසල්ගේ ඉණිමෙන් ලංකාවට ඉණිමක ජයක් බලාපොරොතුවක්

නිශ්මං රණසිංහ ජුනි 27, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති සහ ජාතික ජන බලවේගයේ නායකයින් අතර හමුවක්!

කොළඹ LNW:දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති තාබෝ ම්බෙකි (Thabo...

ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ් පිට්ගේ ලොස් ඇන්ජලීස් නිවස කොල්ල කයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ්...

වයඹදිග පකිස්ථානයට හදිසි ගංවතුර තත්වයක්; හයදෙනෙකු මියගොස් නව දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග කයිබර් පක්තුන්ක්වා...