පළාත් පාලන ඡන්දය කවදාද…?

Date:

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නාම යෝජනා පත්‍ර කැඳවීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීම ලබන 2 වැනිදාත් 5 වැනිදාත් අතර දිනකදී සිදුවන බව මැතිවරණ කොමිසමේ ආරංචිමාර්ග පවසයි.

නාමයෝජනා පත්‍ර කැඳවීම දැන්වීම දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල හා පළාත් පාලන ආයතනවල ප්‍රදර්ශනය කිරීමට නියමිතය.

ගැසට් නිවේදනය නිකුත් කර දින 14 ක් සම්පූර්ණ වන දින සිට දින තුනහමාරක් නාමයෝජනා පත්‍ර භාර ගැනීම සිදුවෙයි.

නාමයෝජනා පත්‍ර භාර ගැනීම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි කාර්යාලයේදී සිදුකෙරේ. නාමයෝජනා පත්‍ර භාර ගන්නා අවසන් දිනයේදී ඡන්ද විමසීම සිදුකරන දිනය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ඡන්ද විමසීම සිදුකිරීම සඳහා අවශ්‍ය ලිපි ද්‍රව්‍ය මුද්‍රණය, ඡන්ද පෙට්ටි සැකසීම, නිලධාරීන් නම් කිරීම ඇතුළු සියලු කටයුතු මේ වන විට අවසන් කර ඇති බව මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

නාමයෝජනා පත්‍ර භාර ගැනීමේ නිවේදනය මෙම සතියේ සිදුකිරීමට මීට පෙර තීරණය කර තිබූ නමුත් පසුගියදා රැස්වූ මැතිවරණ කොමිසම ජනවාරි මස මුල් සතියේදී කැඳවීමට තීරණය කෙරිණි. නාමයෝජනා දැන්වීම නිකුත් කිරීමට දින දෙකකට පෙර මැතිවරණ කොමිසම ඒ බව ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...

2025 අපනයන ආදායමේ කැපී පෙනෙන වෙනසක් – වෙලා තියෙන වෙනස මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2025 දී ශ්‍රී ලංකාවේ අපනයන අංශය...