1. වසරේ මුල් මාස කිහිපයට සාපේක්ෂව 2022 වසරේ අග භාගයේදී ජාතික ඩීසල් සහ පෙට්‍රල් පරිභෝජනය 50% කින් පහත වැටී ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කරයි – දෛනික ඉන්ධන පරිභෝජනය 2021 දෙසැම්බර් සිට 2022 පෙබරවාරි දක්වා මෙට්‍රික් ටොන් 5,500 ක සාමාන්‍ය අගයකි.
2. 2022 පළමු මාස 11 තුළ ප්රචණ්ඩත්වය හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් 497 දෙනෙකු මිය ගොස් ඇති බවට පොලිසිය විසින් නිකුත් කරන ලද අපරාධ සංඛ්‍යාලේඛන මඟින් පෙන්වා දෙයි – වෙඩි තැබීම්වලින් සහ පහරදීම් හේතුවෙන් මරණ 223 ක් වාර්තා වේ – කප්පම් චේතනාවෙන් පැහැරගැනීම් 3,596 කි.
3. ඇ.ඩා. බිලියන 2.9 ක ණය ලබා ගැනීම සඳහා පූර්ව අවශ්‍යතාවයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරන ලෙස ඉල්ලා සිටි බවට විදේශ අමාත්‍ය අලි සබ්රි කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් අවශ්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පා.ම. සරත් වීරසේකර ප්‍රකාශ කරයි.
4. රුසියානු සමූහාණ්ඩුවේ ජාතික ගුවන් සේවයක් වන “රෙඩ් වින්ග්ස් (Red Wings)” දෙසැම්බර් 28 සිට සතියකට දෙවරක් ශ්‍රී ලංකාවේ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත වරලත් ගුවන් මෙහෙයුම් ආරම්භ කරන බව මොස්කව් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි – මෙය ශ්‍රී ලංකාවට ගුවන් ගමන් ආරම්භකළ තුන්වන රුසියානු ගුවන් සමාගම වෙයි.
5. “අරගලයේ” සමාජ මාධ්‍ය ක්‍රියාධරයකු වන ඩිලාන් සේනානායකට දෙසැම්බර් 14 වන දින තියුණු ආයුධවලින් පහර දුන් සිද්ධියට අදාළ සැකකරුවන් සිව්දෙනෙකු කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාශයේ අත්අඩංගුවට! – සැකකරුවන් ගාලුමුවදොර විරෝධතා පැවති කාලසීමාවේදී නිතර ආ ගිය අය බව පොලීසිය පවසයි.
6. 2023 පළමු කාර්තුවේ දී ආර්ථිකය ස්ථාවර වනු ඇතැයි මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ පුරෝකථනය කරයි – “ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මත පදනම් වූ අඛණ්ඩ ආර්ථික යථාවත් වැඩසටහන” මෙරට උද්ධමනය පාලනය කර සංචිත වැඩි කරනු ඇතැයි ද පවසයි – නන්දලාල් වීරසිංහගේ මාස 9 ක ධුරකාලය තුළ උද්ධමනය 18% සිට 69% දක්වා ඉහළට ගිය අතර, සංචිත ඇ.ඩො. මිලියන 100කින් පහත වැටී ඇත – ආර්ථික වර්ධනය 3.4% ක ධන වර්ධනයක සිට 11.4% ක සෘණ වර්ධනයක් දක්වා පහත වැටිණි – “මුදල් මුද්‍රණය” 64% කින් ඉහළ ගොස් ඇත – භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාත තුන් ගුණයකින් පමණ ඉහළ ගොස් ඇත – විදේශ විනිමය ණය පැහැර හැර ඇත.
7. රාජ්‍ය ණය අධිකාරී ආචාර්ය A.Z.M. ආසිම් සහ නියෝජ්‍ය අධිපති ධම්මික නානායක්කාර ඇතුළු මහ බැංකුවේ ඉහළ සහ මධ්‍යම මට්ටමේ නිලධාරීන් 60කට අධික පිරිසක් මේ වසරේ ඉල්ලා අස් වී ඇත – සෑම දිනකම ඉල්ලා අස්වීම් කිහිපයක්ම සිදු වන බව අදාළ නිලධාරීහු පවසති – මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මහබැංකු වෘත්තීය සමිති සාමූහිකව අප්‍රසාදය පළ කර සිටී.
8. ඕස්ට්‍රේලියානු රජය විසින් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති මිනෝලි පෙරේරා සිම්බාබ්වේ ඕස්ට්‍රේලියානු තානාපතිනිය ලෙස පත් කරයි – මෙවැනි තනතුරකට ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පුද්ගලයකු පත්වූ පළමු අවස්ථාව ද මෙය වේ.
9. මහනුවර නගරය ජලයෙන් යටවීමට ප්‍රධාන හේතුව අනවසර ඉදිකිරීම් බව මහනුවර නගරාධිපති කේසර සේනානායක ප්‍රකාශ කරයි – ඇළ මාර්ග සහ අනෙකුත් ජලාපවහන පද්ධති අවහිර වන සියලුම ගොඩනැගිලි වහා ඉවත් කිරීමට පියවර ගන්නා බව ද පවසයි.
10. පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමේ ගැසට් නිවේදන දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් විසින් 2023 ජනවාරි 2, 3 හෝ 4 යන දිනවල නිකුත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී පුංචිහේවා ප්‍රකාශ කරයි – ප්‍රමාදය පිළිබඳව කණගාටුව ද පළ කරයි.