ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට කැපවීමෙන් කටයුතු කරන්න – අගමැති

Date:

ආයෝජන ආකර්ෂණය කර ගැනීම, අපනයනය හා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම මෙන්ම සියලු දෙනා සමඟ මිත්‍රශීලී, නොබැඳි මධ්‍යස්ථ රටක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීම සඳහා කටයුතු කරන ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා නව තානාපතිවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

අගමැතිවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පිටත්ව යන නව තානාපතිවරු හා මහ කොමසාරිස්වරු 16 දෙ‍ෙනකු ඊයේ (26) අරලියගහ මන්දිරයේදී හමුවූ අවස්ථාවේදීය.

තවදුරටත් අගමැතිවරයා මෙසේද පැවසීය.

“සාම්ප්‍රදායික රාජ්‍යතාන්ත්‍රික ක්‍රමය වෙනුවට ආර්ථික රාජ්‍යතාන්ත්‍රිකභාවයට ලොව ප්‍රමුඛතාවයක් හිමි වෙනවා. රට ආර්ථික අර්බුදයකට පත්ව තිබෙනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීම් පිළිබඳ සාකච්ඡා පවතිනවා. ආධාර සහ ණය මත යැපීමට වඩා නිෂ්පාදනය, අපනයනය සහ වේගවත් සංවර්ධනයක් ඇති කර ගැනීමට හැකි වන පරිදි ආයෝජන, හවුල් ව්‍යාපාර සහ ද්විපාර්ශ්වික හවුල්කාරිත්වයන් ඇති කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා.

වැඩි ආයෝජන, රැකියා අවස්ථා සහ සංවර්ධන ආධාර ලබා ගැනීම සඳහා විදේශගත ප්‍රජාව සහ ඔවුන්ගේ සංගම් සමඟ සමීපව සහයෝගයෙන් කටයුතු කළ යුතුයි. ශීඝ්‍ර ආර්ථික ප්‍රකෘතියක් අත්කර ගනිමින් අහරින් ස්වයංපෝෂිත වීමට සහ කෘෂිකර්මය, කර්මාන්ත, තොරතුරු තාක්ෂණ සහ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට ශ්‍රී ලංකාව දරන උත්සාහයන් සමඟ මිත්‍ර ජාතීන්ට සහයෝගයෙන් කටයුතු කළ හැකියි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිහිටුවන ලද ආයෝජන සහ අපනයන ප්‍රවර්ධන කමිටු සඳහා උපරිම සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසියේ රාජිත ලෙඩවෙයි: හේතු කියන්න නීතිඥවරයෙක් අල්ලස් කොමිසමට!

රෂිකා හෙන්නායක ජූනි 02, කොළඹ LNW :  අද(2) දින හිටපු ධීවර...

චූදිතයින් කලබල වුණාට අපිට කරන්න දෙයක් නැහැ. ශානි වගේ නිලධාරීන්ව අපි රකිනවා!

කොළඹ LNW:ශානි අබේසේකර මහතා නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ...

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට අවසර

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත...

රත්නපුර ගැන සුගත්ගේ අවධානය

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: රත්නපුර දිස්ත්‍රික්කයෙහි යෝජිත පළාත්...