මම තවම එනවා කියලාත් නෑ, එන්නේ නෑ කියලාත් නෑ – ජනපති රනිල්

Date:

2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවක් තමන් කොතැනකවත් ප්‍රකාශ කර නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයින් පිරිසක් සමග පවසා ඇතැයි වාර්තා වේ.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ නත්තල් නිවාඩුවට ප්‍රථම ඇමතිවරුන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ය.

“සර් මේ පාර ජනාධිපතිවරණයට එන්නේ නෑ කියලා සමහරු කියනවා. මේකෙ ඇත්ත නැත්ත මොකක්ද ?” යනුවෙනු අමාත්‍යවරයකු කළ විමසීමකට පිළිතුරු දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ “මම තවම එනවා කියලත් නෑ, එන්නේ නෑ කියලත් නෑ. කොහොම වුණත් රටේ ආර්ථිකය ගොඩ ගන්න තව වැඩකටයුතු ගොඩක් කරන්න තියෙනවා” යනුවෙනි.

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන අවසන් කළ යුතුව ඇති බවත් අලුත් ආර්ථිකයක් නිර්මාණය කළ යුතුව ඇති බවත් පවසා ඇති ජනාධිපතිවරයා ඊට කාලය අවශ්‍ය බවත් පවසා ඇතැයි සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලක්ෂ්මන් යාපාගේ අලස් නඩුවටත් නියෝගයක් ලැබෙයි!

කොළඹ LNW:හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ...

අපිව මෙහෙම ගෙන්වන එක අපිටත් හොදයි.3% දායක සභාවටත් හොඳයි – FCID ආපු මනූෂ කියපු කතාව

කොළඹ LNW:ඉතිහාසය විසින් ගොඩනගා තිබෙන හොරු, වංචාකාරන් පිළිබඳ ඇත්ත...

අධිකරණ සේවා කොමිසම රජය අපහසුතාවට පත්කිරීමේ කුමන්ත්‍රණයකද ??

අධිකරණ සේවා කොමිසම විසින් ලබාදී ඇති ස්ථාන මාරුවීම් සහ...

ඩයලොග් ඇරඹුමට කොළඹින් කණ්ඩායම් 40

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ශ්‍රි ලංකා වොලිබෝල් සම්මේලනය...