මේ ආණ්ඩුව කරන හොඳම වැඩක් – යුක්තිය මෙහෙයුමට මහින්දගෙන් සහතිකයක් (VIDEO)

Date:

මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්දනය කිරීම සඳහා වත්මන් ආණ්ඩුව ගෙනයන ක්‍රියාදාමය ඉතාම යහපත් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ප්‍රශ්නය – ආසන සංවිධායකවරුන් වෙනස් කරන්න බලාපොරොත්තු වෙනවාද ඔබතුමා ?

“නෑ, එහෙම එකක් නෑ. මැතිවරණයක් තියනවානෙ දැන්. දැන් ඉන්න සංවිධායකයො වරදක් නෑනෙ”

ප්‍රශ්නය – පක්ෂය හැර ගිය අය ඉන්නවා … ?

“පක්ෂය හැරගිය අය වෙනුවට දැනට අලුත් අය ඇවිල්ලා තියෙනවා මං හිතන්නෙ”

ප්‍රශ්නය – මේ දවස්වල මත්ද්‍රව්‍ය අල්ලනවා …

“මං හිතන්නෙ හොඳම වැඩක් ඒක මේ ආණ්ඩුව කරන. මත්ද්‍රව්‍යයෙන් තමයි මේ රටම විනාශ වෙන්නෙ. තරුණ පරපුර නැතිවෙලා යනවා. ඉතින් ඒක හින්දා මත්ද්‍රව්‍ය වැටළීම, ඇල්ලීම ඉතාම යහපත් ක්‍රියාවක්”

ප්‍රශ්නය – විපක්ෂ නායකත්වය ඔබතුමන්ලා ගන්න හදනවා කියලා කතාවක් යනවා … ?

“තාම එහෙම අපේ කතාවක් නම් නෑ. බලය ගැනීම තමයි අපේ බලාපොරොත්තුව. විපක්ෂයට යන්න නෙවෙයි. ආණ්ඩු පක්ෂයේ බලය ඊළඟ මැතිවරණයේදී ගන්නවා”

මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (26) කිරිඳිවැල ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...

මහරගම අපේක්ෂා රෝහලට රු. මි. 600 ක වටිනාකමකින් යුත් පස්මහල් ළමා වාට්ටු සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW රෝහල්වල ඉදිකිරීම් දීර්ඝ කාලීනව...

දරුවන්ට අහිතකර ප්ලාස්ටික් නිෂ්පාදන ගැන රජය දැඩි තීන්දුවක!

කොළඹ LNW:ඉදිරි මාස දෙකක කාලය ඇතුළතදී දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර...