මමත් පොදු අපේක්ෂකයා වෙන්න සූදානම්!

Date:

කොළඹ LNW: ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් පොදු අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසුවේය.

ඒ අද (27) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

මන්ත්‍රීවරයා පැවසුවේ මේ වන විට වාමාංශික පක්ෂවලට අපේක්ෂකයෙක් නොමැති අතර ඔවුන් අතරමං වූ තත්ත්වයක පවතින බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොටසක් යනදී කණ්ඩායම වෙත ජනාධිපති අපේක්ෂකත්වයක් නොමැති තත්ත්වයක් ඇති බවයි ජයසේකර මහතා සඳහන් කළේ.

ඒ අනුව මෙම කණ්ඩායම්වල කැමැත්තෙන් එකඟතාවෙන් තමන් ඉදිරි ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා වීමට සූදානම් බව ඔහු ප්‍රකාශ කළේය.

මේ වනවිට රට කරන්නේ 50 දශකයේ අය වන බවත් ඔවුන්ට වත්මන් තරුණ සිතුම් පැතුම් ගැන හැඟීමක් නොමැති බවද හෙතෙම සඳහන් කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Update:අම්බලන්ගොඩ වෙඩි තැබීමෙන් තුවාල ලද ව්‍යාපාරිකයා ජීවිතක්ෂයට!

කොළඹ LNW:අම්බලන්ගොඩ නගර සභා පරිශ්‍රයේ සිදු වූ වෙඩි තැබීමෙන්...

Update : අම්බලන්ගොඩ නගර සභාව අසල වෙඩිතැබීමෙන් ව්‍යාපාරිකයකුට තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ (04) උදෑසන...

මහපොළ ශිෂ්‍යාධාරය තවත් වැඩි වෙන ලකුණු!

කොළඹ LNW:වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත...

අම්බලන්ගොඩ නගර සභාව අසල වෙඩිතැබීමක් !

සටහන - රුවන් නෙළුගොල්ල අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ අද (04)...