දාහත් වසරකට පෙර සුනාමි ව්‍යසනයෙන් මියගිය ශ්‍රී ලාංකිකයන් සිහිකර අගමැති පහන් දල්වයි

Date:

දාහත් වසරකට පෙර සුනාමි ව්‍යසනයෙන් මියගිය ශ්‍රී ලාංකිකයන් සිහිපත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (26) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පහන් දැල්වීය.

අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මිය ද අග්‍රාමාත්‍යතුමා සමඟ එක්ව පහන් දල්වමින් සුනාමියෙන් මියගිය පිරිස සිහිපත් කළාය.

පෙරවරු 9.25 සිට පෙරවරු 9.27 දක්වා යෙදුණු මිනිත්තු දෙකක නිහඬතාවයට එක්වූ අග්‍රාමාත්‍යතුමා ඇතුළු පිරිස අනතුරුව මෙසේ පහන් දල්වා මිය ගිය පිරිස සිහිපත් කළහ.

සුනාමි ව්‍යසනය ඇතුළු විවිධ ආපදාවලින් මියගිය පුද්ගලයන් සිහිපත් කෙරෙන “ජාතික සුරක්ෂිත දිනය” ද අදට යෙදී තිබේ.

දිස්ත්‍රික්ක 14කට බලපෑ සුනාමි ව්‍යසනයෙන් 31,229 දෙනෙකුට දිවි අහිමි වූ අතර තවත් 4100ක් දෙනා අතුරුදන් වූහ. 516,150 දෙනෙකු මෙම ව්‍යසනයෙන් අවතැන් වූ අතර 250,000ක් පමණ නිවාස හා දේපල විනාශ විය.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍යතුමා සහ අග්‍රාමාත්‍ය ආර්යාව සමඟ යුද හමුදාව පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ සමාජිකයෝ ද එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (30) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 30) දිනයේදී බස්නාහිර, සබරගමුව...

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...