*
Tuesday, July 9, 2024
spot_img

Latest Posts

තෙල් සහ ඩොලර්

බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා පෙන්වා දෙන ආකාරයට තෙල් සංස්ථාවට රුපියල් කෝටි දහසයදහස් එකසියයක පාඩුවක් තිබේ. එලෙසම බොර තෙල් මිලට ගැනීම සඳහා ඩොලර් හිඟයක් ද තිබේ. තෙල් සංස්ථාවේ පාඩුව බිලියන එකසිය හැට එකක් ලෙස ද සඳහන්ය. විදුලිබල මණ්ඩලය හා පෞද්ගලික විදුලි සමාගම් සංස්ථාවට ණය වී ඇති මුදල ඩොලර් බිලියන අනූ හයකි. ශ්‍රීලන්කන් ගුවන් සේවය සංස්ථාවට ණය වී ඇති මුදල ඩොලර් බිලියන හැටපහකි. කෙතරම් පාඩු ලැබුවද තෙල් සංස්ථාව පවත්වා ගත යුතුය. විදුලිබල මණ්ඩලය ඇතුළු අනෙකුත් රාජ්‍ය ආයතන ද පවත්වා ගත යුතුය.

ඒවා අවසන් විග්‍රහයේදී අත්‍යවශ්‍ය මහජන සේවාවන් වන බැවිනි.විදුලිබල මණ්ඩලය, දුම්රිය දෙපාර්තමේන්තුව, ශ්‍රීලන්කන් ගුවන් සේවය වැනි ආයතන තෙල් සංස්ථාවට ඇති බරපතළ ණය කන්ද ගැන දිගින් දිගටම සාකච්ඡා පවත්වා ඇත. මේවායින් ගනු ලබන තීන්දු තීරණ නිසි ලෙස ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නැත. සමහර ආයතන මුළු ණයෙන් කොටසක් ගෙවා දැමීමට සමත් වුව නැවත ඊට වඩා වැඩි ණය මුදලකට සංස්ථාවෙන් තෙල් ලබා ගනී. තෙල් ණය චක්‍රිය ස්වරූපයෙන් ඉදිරියට යන බව දැක ගත හැකිය.

ඇතැම් විට තෙල් සංස්ථාව දැඩි තීන්දුවලට එළැඹීමට උත්සාහ කළද රජය මැදිහත් වී විදුලිබල මණ්ඩලය ඇතුළු අනෙකුත් රාජ්‍ය ආයතනවලට ණයට තෙල් ලබා දෙයි.ලෝක තෙල් වෙළෙඳපොළ තුළ කලාතුරෙකින් තෙල් මිල පහළ යන අවස්ථා තිබේ. එහෙත් එය තාවකාලිකය. සාමාන්‍ය පරිදි සිදුවන්නේ ‍කාලයත් සමඟ බොර තෙල් බැරලයක මිල ඉහළ යෑමය. තෙල් යනු හිඟ සම්පතකි. තවත් වසර දෙසිය ගණනක් යන විට ලෝකයේ තෙල් නිධි අවසන් වන බවට අනාවැකි පළවී ඇත. ශ්‍රී ලංකාව යනු තෙල් නිෂ්පාදනය කරන රටක් නොවේ. අපට අවශ්‍ය සියලු තෙල් තොග ආනයනය කළ යුතු අතර, ඒ සඳහා විදේශ විනිමය උපයා ගත යුතුය. විදේශ විනිමය පිළිබඳ බරපතළ ගැටලුවකට මේ දිනවල රට මුහුණ දෙයි. ඒ නිසාම අලුත් ආර්ථික ගැටලු ගණනාවක් ද නිර්මාණය වී ඇත.

මාසික තෙල් ආනයනය සඳහා පමණක් ඩොලර් මිලියන හාරසියයක් පමණ අවශ්‍ය බව සඳහන්ය.ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ බලශක්ති අමාත්‍යවරයා දැඩි දෝෂ දර්ශනයට ලක්වී ඇත. එහෙත් එය අමාත්‍යවරයාගේ තනි තීරණයක් නොවේ. මහ බැංකුව ඉන්ධන මිල ඉහළ දැමීමට නිර්දේශ ඉදිරිපත් කර ඇති අතර, මුදල් අමාත්‍යාංශය ද ඉන්ධන මිල ඉහළ දැමිය යුතු බවට නියෝග කර තිබේ. එම ආයතන දෙකෙහි නිර්දේශවලට අනුව පෙට්‍රල් රුපියල් 35/-කින් ඩීසල් රුපියල් 24/- කින් හා භූමිතෙල් රුපියල් 11/-කින් ඉහළ යා යුතුය. බලශක්ති අමාත්‍යාංශය නිර්දේශ ඒ අයුරින්ම ක්‍රියාත්මක කර නැත. ජනතාවට පුංචි හෝ සහනයක් ලබා දීමට බලශක්ති අමාත්‍යාංශය පියවර ගෙන ඇත. එහෙත් එය කිසිවකුගේ සැලැකිල්ලට ලක්වන්නේ නැත.රටේ පවත්නා බොහොමයක් ආර්ථික ගැටලුවලට ප්‍රධාන හේතුව විදේශ විනිමය ඉපැයීම් අඩු වීම බව ආර්ථික විශේෂඥයන්ගේ මතයයි. එය පිළිගත යුතු කාරණයකි. පසුගිය කාලය පුරාවට අපනයන ක්ෂේත්‍රය කඩා වැටිණි. සංචාරක කර්මාන්තය බංකොලොත් විය. විදේශ රැකියා ප්‍රමාණය අඩු වූ අතර, විදේශ ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ආපසු ගෙන්වා ගැනීමටත් සිදු විය. මේ අතර, ඇතැම් විදේශ විනිමය ඉපැයීම් හොර පාරේ යන බව ද සඳහන්ය. මේවා කළමනාකරණයට යම් කාලයක් ගත විය හැකිය. මේ වන විට අපනයන ක්ෂේත්‍රය හා සංචාරක ක්ෂේත්‍රය යම් ප්‍රගතියක් අත්පත් කරගෙන ඇත. විදේශ රැකියා සැපයුම ද කෙමෙන් වර්ධනය වෙයි. එය සාධනීය ලක්ෂණයකි.

ඇත්ත Facebook

Sponsored Article

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan