දුම්රිය වර්ජනය අවසන්

Date:

දින කිහිපයක් තිස්සේ පැවති දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩවර්ජනය අවසන් කිරීමට තීරණය කර තිබෙනවා. අද පස්වරුවේ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවෙන් පසුව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය මෙම තීරණයට එළඹ තිබේ.

හෙට දිනයේ සිට ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සහ පාර්සල් බාර ගැනීම ඇතුළු සාමාන්‍ය රාජකාරි කටයුතුවල නිරත වන බවයි දුම්රිය දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පවසන්නේ.

පසුගිය 23 වැනිදා මෙම වර්ජනය ආරම්භ කළ අතර දුම්රිය මගීන් වෙත ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමෙන් හා පාර්සල් බාර ගැනීමේ රාජකාරිවලින් වැළකී සිටියේය. වර්ජනය තවදුරටත් දැඩි කරමින් ඉන්ධන, සිමෙන්ති, තිරිඟු පිටි ප්‍රවාහන කටයුතුවලින් ඉවත් වූයේ ඊයේ දිනයේ සිටයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාව ගාල්ල මහ නගරසභාවේ අයවැයත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජනබලවේගයට බලය හිමි ගාල්ල මහ...

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...