ඔලිම්පික් කමිටුවේ බලය යළිත් සුරේෂ් සුබ්‍රමනියම්ට

Date:

ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ නිළවරණය අද පැවැත්විණි. හිටපු සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා යළිත් සභාපති තනතුරට පත්ව තිබෙනවා. ඒ අනුව 2026 වසර දක්වා ඔහු ඔලිම්පික් කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු ඇත.

ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වන ක්‍රීඩාවල ජාතික සංගම් 33 ක ප්‍රධානීන් අද පැවති නිළවරණයේදී ඡන්දය භාවිතා කළ අතර එහිදී ඡන්ද 21 ක් ලබා ගැනීමට සුරේෂ් සුබ්‍රමනියම් මහතා සමත් විය. ඔහු හමුවේ පරාජයට පත් වූ පාලිත ප්‍රනාන්දු මහතාට ලබා ගැනීමට හැකි වූයේ ඡන්ද 12 ක් පමණි.

ශ්‍රී ලංකා ටෙනිස් සම්මේලනය නියෝජනය කරමින් නිළවරණයට තරග කළ සුබ්‍රමනියම් මහතා එම සම්මේලනයේ උප සභාපතිවරයෙකු ලෙසද කටයුතු කරයි.

ඔලිම්පික් කමිටුවේ හිටපු ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා යළිත් ලේකම් ධුරයට පත්විය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...