රනිල්ට පස්සේ පක්ෂයේ ජ්‍යේෂ්ඨතමයා මමයි. රනිල්ට ලැබුණු අවස්ථාවම අපි හදලා ගමු – රවී

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

එක්කෙනෙකුගේ දෙදෙනෙකුගේ තාවකාලික තෘප්තිය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය ප්‍රාණ ඇපයට ගැනීමට ඉඩදිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි.

“රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපති සහ පක්ෂ නායකතුමාට පසුව ජ්‍යේෂ්ඨතම පුද්ගලයකු වශයෙන් පාර්ලිමේන්තුවේ සහ පක්ෂයේ සිටින්නේ මම කියලා හැමදෙනාම දන්නවා, යූඑන්පී කාරයෙක් ඕනෙ එක්කෙනෙක් දන්නවා. නමුත් අපට එක්කෙනෙක් දෙන්නෙක්ගේ කුඩම්මාගෙ සැලකිල්ල මත මේ පක්ෂය නැතිකරන්න ඉඩදෙන්න බෑ. මේකෙ 200ක් විතර එළියට ගියාට අපි අන්තිමට මේ එක්සත් ජාතික පක්ෂය කියන්නෙ ජනතාවගේ පක්ෂයක්. මේක රකින්න අවශ්‍යයයි. මේක එක්කෙනෙක්ගෙ දෙන්නෙක්ගෙ තාවකාලික තෘප්තියකට අපේ පක්ෂය ප්‍රාණ ඇපකරුවෙක් කරන්න ඉඩදෙන්න බෑ”

ප්‍රශ්නය – අලියා ආපහු එයිද ?

“හැමදෙනාගෙම ප්‍රයත්නය වන්නේ මේ අලියා සමග ඒකරාශී වීම. එක්සත් ජාතික පක්ෂයේ කවුරුත් නැතිවුණු අවස්ථාවක නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ තුළින් අවස්ථාව දීලා ඉන්න එකම යූඑන්පී කාරයා මම. ඉතින් අද රටේ හැම කොනකම හැම යූඑන්පී කාරයෙකුටම මම කියනවා, කරුණාකරලා එන්න, අවස්ථාව පාවිච්චි කරන්න. මම එක්කෙනෙක් වෙන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ එදා රටේ ණයබරතාවය නැති කරලා රට සංවර්ධනය කළා වගේම ඒ අවස්ථාවම අපි හදලා ගමු”

රවී කරුණානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (දෙසැම්බර් 27) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අය වැය සහ ක්‍රීඩාව

නිශ්මං රණසිංහ නොවැම්බර් 09,  කොළඹ LNW: ක්‍රීඩාව සම්බන්ධයෙන් මෙවර අයවැයෙන් වෙන්...

බෙකම් එක්තරා අන්දමක චාල්ස් ලෝලියෙක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 09,  කොළඹ LNW: මේ වන විට ක්‍රීඩා නොකළත්,ඩේවිඩ්...

අගරදගුරු ගැලගර්ගේ හදිසි අසනීප තත්ත්වය ලංකා සංචාරයට බාධා කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW : වතිකානු රාජ්‍ය සබඳතා...

සිරියානු ජනාධිපති al-Sharaa හදිසියේම එක්සත් ජනපදයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සිරියානු ජනාධිපති අහමඩ්...