ශ්‍රී ලංකාව මංගල තරගයට එක් වූ ක්‍රීඩා පිටියකින් විස්සයි විස්ස සටන අද ඇරඹෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
දෙසැම්බර් 28 ,(LNW)කොළඹ :

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර විස්සයි විස්ස තරගාවලිය අරඹමින් අද තරගය පැවත්වෙන මවුන්ට් මවුන්ගනුයි ක්‍රීඩාංගණයේ පළමු ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයට මුහුණ දී ඇත්තේ ද ශ්‍රී ලංකාව සහ නවසීලන්තයය.ඒ 2016 වසරේ ජනවාරි 7 වන දා ය.
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය මේ පිටියේ හමු වූ එම පළමු තරගයේදී නවසීලන්තය තරගය ජයගත්තේ ලකුණු 3 න් වන අතර එහිදී ශ්‍රී ලංකාව නවසීලන්තය ලබා ගත් ලකුණු 182 වෙනුවට පන්දු ඕවර් 20 නිමා වෙද්දී කඩුලු 9 ක් දැවී ලකුණු 179 ක් රැස් කරන්නට සමත් විය.එම තරගයේ දී ශ්‍රී ලංකාව මුහුණ දුන් විසිවන ඕවරයේ සිව්වන පන්දුවේදී චාමර කපුගෙදර දුවද්දී දැවී නොගියානම් එම තරගයේ තීරණය බොහෝ දුරට ශ්‍රී ලංකාවට ජයග්‍රහණය හිමිවන එකක් වන්නටද තිබිණ.


එම තරගයේ ලකුණු විස්තරය – https://es.pn/3PesFAA
වැඩි තරග ප්‍රමාණයක් පවත්වා නැති මවුන්ට් මවුන්ගනුයි පිටියේ පැවත්වෙන 13 වන තරගය වන අද පැවත්වෙන ශ්‍රී ලංකා නවසීලන්ත විස්සයි විස්ස තරගය මේ වසරේ දී ඒ පිටියේ පැවත්වෙන පළමු තරගයද වන්නේය.

කෙසේ වුව ද මේ ක්‍රීඩා පිටියේ පැවති තරගවලදී නවසීලන්තය විසින්, බංගලාදේශය,ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් පරාජයට පත් කර ඇත.පකිස්තානයට එක තරගයක්ද,ඉන්දියාවට තරග දෙකක් ද පරාජය වි ඇති අතර තරග තුනකම වාර්තා අයහපත් කාලගුණය නිසා ජය පරාජයෙන් තොරව කෙළවර වූ බවය.


මුහුදට බොහෝ සමීපව පිහිටා තිබෙන ක්‍රීඩාංගණයක් නිසා සුළඟේ හැසිරීම ද පන්දු යැවිමේදී කල්පනාකාරිව යොදා ගත හැකිය.අද පස්වරුවේ සෙල්සියස් අංශක 14 ක පමණ උෂ්නත්වයක් පවතිනු ඇතැයි විශ්වාස කරන අතර මුහුදේ සුළං වේගය ද පැයට කිලෝ මීටර් 15 ක පමණ තත්ත්වයේ පවතිනු ඇතැයි අනාවැකි පළ වී ඇත.ඒ අනුව එම තත්ත්වයන්ට වඩාත් ගැලපෙන කණ්ඩායම යොදා ගැනීමට ශ්‍රී ලංකාව කල්පනා කරනු ඇතැයි සිතිය හැකි අතර නවසීලන්තය වැඩි ජයග්‍රහණ ප්‍රමාණයක් ලබා තිබුණත්,ශ්‍රී ලංකාව ලකුණු 182 ක් වැනි ඉලක්කයක් අසළටම එමින් නවසීලන්තය පරාජය කිරීමේ ආසන්නයටම පැමිණි නිසා මේ තරගයේ දී එදා නොහැකි වූ දේ කිරිමට බොහෝ සෙයින් උත්සාහ කරනු ඇත.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝහල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ 180ක හිඟයක් – GMOA

සටහන: සශිකලා මධුෂාණි මේවන විට රෝහල් පද්ධතිය තුළ ඖෂධ...

පෙරළිකාර පානදුර සහ සීසීසි විස්සයි විස්ස අවසාන සටනට

නිශ්මං රණසිංහ ජුනි 14, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය...

‘ටෙහෙරානය ගිනි ගනීවී’

සටහන: සශිකලා මධුෂාණිජුනි 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල සිවිල් වැසියන්ට...

හිටපු ඇමති දයාගේ කෝටි ගණනක දේපළ වෙන්දේසි කෙරේ !

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වූ හිටපු අමාත්‍ය දයා ගමගේට...