සටහන: පුන්සරා ලියනගේ
දෙසැම්බර් 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):ප්‍රකෝටිපති ව්‍යාපාරික එලොන් මස්ක් මීට වසර දෙකකට පෙර Twitter නමින් හැඳින්වූ දැන් X ලෙස හඳුන්වන සමාජ මාධ්‍ය වෙබ් අඩවිය අත්පත් කරගත්තේ වෙනසක් ඇති කිරීම උදෙසාය.
එතැන් පටන් මෙම සමාජ මාධ්‍ය වේදිකාව අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහිත පවුරක් වී හමාරය.
නමුත් 2024 වසරේ මෙම කාලය තුළ, X හි සිදු වූ වෙනස්කම් රාශියකි. ඒ අතර එහි පල කිරීම් ගැන පැවති නීති රීති ලිහිල් කර තිබීමත්, සභ්‍යත්වය පිරිහී යන ආකාරයේ අනිසි පල කිරීම් දිස්වීමත්, දේශපාලන පොරපිටියක හැඩරුව ගැනීමත් කාගේත් කතාබහට නතු වූ කරුණකි.
නොමඟ යවන සුළු අදහස් ප්‍රකාශන, දේශපාලනය සහ ප්රවෘත්ති තුළින් වෛරය අවුස්සන අදහස් දැක්වීම් ආදී බහුලව X ට එල්ල වුණු චෝදනා ලෙස හංවඩු ගැසිනි.
මේ ඔක්කොම කැටයම් අවධානය ගන්නට යැයි සිතිය හැක්කේ, X හට වෙනත් සමහර ප්‍රධාන සමාජ මාධ්‍ය වෙබ් අඩවි තරම් පරිශීලකයන් නොමැති විය හැකි නිසාවෙනි. එය ඇතැම් ඉහළ පෙළේ දේශපාලනඥයන්, රජයේ ඉහළ පෙළේ නිලධාරීන් ප්‍රකාශ සහ අදහස් හුවමාරු කර ගන්නා ස්ථානයක් පමණක් නොව දැන් ඍජුවම එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප්පච්චිට කඩේ යන වේදිකාවක් වී හමාරය.
ට්විටර් හෙවත් වර්තමාන X හි ස්පීඩ් නැගිටීම ගැන කතා කරන විට සාරාංශයක් ලෙස මෙය තනිකරම නෙගටිව් මාර්කටින්ග් කැම්පේන්ග් එකකි. සුදුසු අදහස් වලට වඩා අද කාලයට අනුව වැඩිපුරම සැලකිල්ලක් ලැබෙන්නේ නුසුදුසු පල කිරීම් සඳහා බව ඕනෑම අයෙකුට දැකගත හැකිය. ඉස්සර ට්විටර් සාමාන්‍ය පරිශීලකයන් ප්‍රමාණයක් සහිත වැදගත් අදහක් පමණක් පලවුණු තැනකි. නමුත් හරිහමන් නැරඹුම් ප්‍රමාණයක් ඊට නොලැබුණේ හරියට බෝරින්ග් ප්ලැට්ෆෝර්ම් එකක් ගානට එය වැටී තිබුණු නිසාය. ඒ වර්තමාන මානවයාට වැදගත් දෙයක් බලනවාට වඩා කවුරුහරි ගිරිය කඩාගෙන කෑ ගහන කිසිම තේරුමක් නැති අදහසක් අහගෙන ඉදීම පවා කනට මී පැණි වී ඇති බැවිනි.
පසුගිය මාස දෙක ඇතුළත අනුගාමිකයින් 131,600 ක් රැස්කරගෙන ඉක්මනින් වර්ධනයක් පෙන්නුම් කළ X වේදිකාව සෑම දිනකම මිලියන 30 ක් පමණ නැරඹීම් වාර සංඛාවක් ද පෙන්නුම් කරමින් මේ වනවිට සීමාවන් අතික්‍රමණය කර තිබේ.
කෙසේ වෙතත්, 2024 කාලය තුළ, වෙනස් කිරීම් රැල්ලක් සිදුවිය. බ්ලොක් කිරීමේ පද්ධතිය පවා එහිදී වෙනස් කිරීමට භාජනය වී තිබිණි, එයින් අදහස් වන්නේ ඔබ ගිණුමක් අවහිර කළහොත් ඔබ පළ කරන දේ බැලීමෙන් එම ගිණුමෙන් ඔබව ආරක්ෂා නොවන බවයි. එමෙන්ම නිල් පැහැති ලාංඡනය වුවද ඔබට මුදල් දී මිලදී ගැනීමේ හැකියාවත් පවතී.
මෙවැනි වෙනස්කම් රාශියකින් අනූන වූ X හි 2025ට වන නව ප්‍රවේශය කෙබඳු වේද?