TikTok තහනම් කිරීමේ හෝ ඉවත් කිරීමේ නීතිය අත්හිටුවන ලෙස ට්‍රම්ප් එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
දෙසැම්බර් 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදුමක් වන TikTok තහනම් කරන හෝ එය විකිණීමට බල කරන නීතියක් ක්‍රියාත්මක කිරීම නවත්වන ලෙස ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.

එක්සත් ජනපද පරිශීලකයින් මිලියන 170 කට වඩා සිටින TikTok සිය ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව ප්‍රකාශ කරමින් පසුගිය අප්‍රේල් මාසයේදී එය තහනම් කළ යුතු බවට එක්සත් ජනපද කොන්ග්‍රසය ජන්දය ප්‍රකශ කරන ලදී.

ඉන් අනතුරුව එක්සත් ජනපද අධිකරණය TikTok හි චීන හිමිකරු වන ByteDance හට එම වේදිකාව ඇමරිකානු සමාගමකට විකිණීම සිදු කරලයුතු බවත් එසේ නොවන්නේ නම් සමජ මාධ්‍ය වේදිකාව ඇමරිකාව තුළ තහනම් කරන බවටත් දැනුම් දී ඇත.

ඊට අදාලව කරුණු දැක්වීම ජනවාරි 10 වැනි දිනට දී ඇති අතර ජනවාරි 19 දිනට දී ඇති අතර ඩොනල්ඩ් ට්‍රම්ප් මෙහිදී අධිකරණයෙන් ඉල්ලා තිබුණේ, තම ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුළ TikTok සමාජ මාධ්‍ය වේදිකාවේ බිලියන ගණනක අදහස් තමන්ට ලැබුණු බවත්, 2025 ජනවාරි 19 වන දින ඉවත් කිරීම සඳහා වන පනතේ කාලසීමාව අත්හිටුවන ලෙසත්, ට්‍රම්ප්ගේ පරිපාලනයට ගැටලුවේ ඇති ප්‍රශ්න දේශපාලන විසඳුමක් ලබා ගැනීමට අවස්ථාව ලබා දෙන ලෙසත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝහල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ 180ක හිඟයක් – GMOA

සටහන: සශිකලා මධුෂාණි මේවන විට රෝහල් පද්ධතිය තුළ ඖෂධ...

පෙරළිකාර පානදුර සහ සීසීසි විස්සයි විස්ස අවසාන සටනට

නිශ්මං රණසිංහ ජුනි 14, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය...

‘ටෙහෙරානය ගිනි ගනීවී’

සටහන: සශිකලා මධුෂාණිජුනි 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල සිවිල් වැසියන්ට...

හිටපු ඇමති දයාගේ කෝටි ගණනක දේපළ වෙන්දේසි කෙරේ !

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වූ හිටපු අමාත්‍ය දයා ගමගේට...