සර්වජන බලයට තවත් පිරිසක් එක්වෙයි!

0
757

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ (LNW):

ඊයේ (27) දින සර්වජන බලය පක්ෂ කාර්යාල පරිශ්‍රයේදී පැවති විශේෂ හමුවකදී, උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්. එම්. රංජිත් මහතා ඇතුළු ප්‍රදේශ රැසක ප්‍රාදේශීය දේශපාලන නායකයින් කිහිපදෙනෙකු සර්වජන බලය සමග එක්ව ඇති බව වාර්තා වේ.

මෙහිදී සර්වජන බලයේ සාමාජිකත්වය ලබාගත් අය අතර, හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් මහතා සහ එම පළාත් සභාව නියෝජනය කළ මන්ත්‍රීවරු පිරිසක් මෙන්ම හිටපු අමාත්‍ය විමලවීර දිසානායක මහතාගේ පුත් අංජන දිසානායක ඇතුළු අම්පාර දිස්ත්‍රික් නියෝජනය කරන ප්‍රදේශීය දේශපාලන නියෝජිතයින් පිරිසක් ද වේ. ඒ අනුව ඔවුන් පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා අතින් පක්ෂ සාමාජිකත්වය ලබාගෙන ඇත.