මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නෙවිල්ගෙන් පැය 4ක් ප්‍රශ්න කරයි. යෝෂිතටත් කැඳවීමක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී මේජර් නෙවිල් වන්නිආරච්චිගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (දෙසැම්බර් 27) දිනයේදී පැය 04ක් තිස්සේ ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

මීට පෙර අවස්ථා දෙකකදී CID ය හමුවේ පෙනී සිටින ලෙස ඔහුට දැනුම් දී තිබුණු නමුත් ඔහු එහි පැමිණ සිටියේ නැත.

ඊයේ පෙරවරු 09.30 ට CID යට පැමිණි ඔහුගෙන් පස්වරු 01.30 පමණ වනතුරු ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බව සඳහන්.

ඒ, අයථා වත්කම් උපයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධ විමර්ශනයකට අදාළව ය.

මේ අතර මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂට ද අයථා වත්කම් ඉපයීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා 2025 ජනවාරි 03 වනදා CID ය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බවත් වාර්තා වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරු – නැගෙනහිර අද හර්තාලය අසාර්ථක වන ලකුණු ?

අද (18) දිනයේදී උතුරු - නැගෙනහිර ප්‍රදේශවල පැවැත්වීමට නියමිතව...

හිටපු ඇමති මනූෂව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවට කැඳවයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය...

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...