නීතීඥවරියකට බැන තර්ජනය කිරීම : නගරාධිපති රන්ජන් පොලීසියට නොඑයි, අසනීපයි කියා රෝහල්ගත වෙයි

Date:

කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් විසින් නීතීඥවරියකට බැන තර්ජනය කිරීමේ සිද්ධියට අදාළ පැමිණිල්ල දෙවැනි වරට ඊයේ (27) දිනයේදී කඩුවෙල පොලීසිය හමුවේ විභාගය සඳහා කැඳවා තිබිණි.

පැමිණිලිකාර නීතීඥ නේත්‍රපාණී ඩයස් ඇතුළු නීතීඥ පිරිසක් ඒ සඳහා පොලිස් ස්ථානයට පැමිණි සිටි නමුත් කඩුවෙල නගරාධිපතිවරයා දෙවැනි දිනයේදී ද එහි පැමිණ සිටියේ නැත.

තමන් අසනීප තත්වයක් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ඔහු ලිපියක් මගින් පොලිස් ස්ථානයට දැනුම් දී තිබිණි.

සිද්ධිය සමථ මණ්ඩලයට යොමුකිරීමට කඩුවෙල පොලීසිය යෝජනා කර තිබුණ ද පැමිණිලිකාර පාර්ශ්වය ඊට විරෝධය පළකර ඇති බව සඳහන්.

මේ අතර මෙම සිද්ධියටම අදාළව චෝදනා එල්ල වී සිටින ඔහුගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියා ඊයේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට නීතීඥයකු මාර්ගයෙන් ඉදිරිපත්ව සිටි අතර ඔහුව රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැරීමට අධිකරණය නියම කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 40කට පසු යළි ගොඩනැගෙන පරන්තන් රසායනික කම්හල!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පරන්තන් රසායනික කර්මාන්තශාලාව වසර 40කට පසුව නැවත...

ආරක්ෂණවාදයෙන් වළකින්නැයි චීනය යුරෝපා සංගමයෙන් ඉල්ලයි!

කොළඹ LNW:වාර්තාවලට අනුව, යුරෝපා සංගම් කොමිසම පසුගියදා(20) සයිබර් ආරක්ෂණ...

ලෝකයේ ඇති නානාප්‍රකාර වර්ණයන් පසෙකලා පැවැති කළු-සුදු ඡායාරූපකරණය!

සටහන – පුලී ජනවාරි 22, කොළඹ (LNW):  අපේ ලෝකය දීප්තිමත්...

ස්වර්ණ ජයන්තිය අවර්ණ කිරීම

නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW: කුමන හෝ ක්‍රියාවලියකදී ස්වර්ණ...