බ්‍රසීලයේ හිටපු ජනාධිපතිවරයාගේ සමීපතමයන් නිවාස අඩස්සියේ තැබීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

දෙසැම්බර් 28: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2022 මැතිවරණ පරාජයෙන් පසු හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ බලයේ තබා ගැනීමේ කුමන්ත්‍රණයකට සහභාගී වීම හේතුවෙන් වරදකරුවන් වූ හිටපු ජනාධිපතිවරයාගේ සමීපතමයන් 10 දෙනෙකු නිවාස අඩස්සියේ තැබීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇති බව වාර්තා වේ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඇලෙක්සැන්ඩ්‍රේ ද මොරායස් විසින් අද(28)දිනයේදී මෙම තීන්දුව නිකුත්කර ඇති අතර ඔහු සිය නියෝගයෙහි සඳහන් කර තිබුණේ, තීරණයේ සඳහන් කළේ නිලධාරීන් 10 දෙනා කුමන්ත්‍රණය සැලසුම් කිරීමට උදව් කළ බවත්, බොල්සොනාරෝ බලයේ රැඳී සිටීමට උපකාර කිරීම සඳහා සමාජ මාධ්‍යවල වැරදි තොරතුරු පතුරුවා හරින බවත්ය.

ඒ අනුව, නිවාස අඩස්සියේ තැබීමේ නියෝගයට අමතරව, ශ්‍රේෂ්ඨාධිකරණය පුද්ගලයින්ට දේශීය හා විදේශීය සංචාර තහනම් කිරීම, සමාජ මාධ්‍ය භාවිතා කිරීම හෝ දැනට විමර්ශනය යටතේ සිටින වෙනත් අය සමඟ සම්බන්ධ වීම තහනම් කිරීම් අකර ඇති අතර විදේශ ගමන් බලපත්‍ර සහ ගිනි අවි බලපත්‍ර භාර දීමට ද නියෝග කර තිබේ.

2022 මැතිවරණයෙන් වාමාංශික නායක ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වාට පරාජය වීමෙන් පසු බලයේ රැඳී සිටීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව මත හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝහට මේ වන විට වසර 27ක සිර දඬුවමක් නියම වී ඇති අතර ඔහුගේ සමීපතමයකු වන ජනාධිපති ට්‍රම්ප් මෙය දේශපාලනික පලිගැනීමක් බව පවසමින් බ්‍රසීල ආනයන සඳහා තීරුබදු වැඩිකර ඇති අතර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඇලෙක්සැන්ඩ්‍රේ ද මොරායස් හා ඔහුගේ සමීපතමයන්ට විසා තහනමක් ද පනවා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...