මර්වින් සිල්වා, ලොහාන් රත්වත්තේ විතරක් නෙවෙයි තිස්ස කුට්ටිආරච්චි වගේ අයත් මේ ආණ්ඩුවෙන් බලාගන්න පුළුවන් – මරික්කාර්

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:නීතිගරුකව,යුක්තිගරුකව රට පාලනය කරන බව පැවසුවද මර්වින් සිල්වලා, ලොහාන් රත්වත්තේලා වැනි පුද්ගලයින්ද ආණ්ඩුවේ සිටින බව පෙන්වා ඇතැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.

එපමණක් නොව තිස්ස කුට්ටිආරච්චි වැනි පුද්ගලයින්ද ආණ්ඩුව තුළින් බලාගත හැකි බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඒ, අද (28) සමඟි ජන බලවේගයේ මාධ්‍ය හමුවේදීය.

”රටට බලපෑ ව්‍යසන තත්ත්වය පහව ගොස් මාසයක පමණ කාලයක් ගතවෙනවා. ඒ අනුව ආපදාවෙන් විපත පත් ජනතාවට පළමු වටයේදී රුපියල් 25,000 ක් ලබාදෙන බව රජය ප්‍රකාශ කළා. නමුත් තවමත් ඒ මුදල් විශාල පිරිසකට ලැබිලා නැහැ. ඒ වගේම නිවාස සුද්ද පවිත්‍රකොට ජනතාවට පදිංචියට ගියාට පසු රුපියල් 50,000 ක් ලබාදෙන බව රජය ප්‍රකාශ කළා. ඒ මුදලත් තවම ජනතාවට ලැබිලා නැහැ. මේ කටයුත්තවත් හරියාකාරව ආණ්ඩුවට කර ගැනීමට නොහැකි වී තිබෙනවා. ඒ වගේම නීතිගරුක යුත්තිගරුව රටක් බිහි කරන බව ජාතික ජනබලවේගය බලය ලබාගැනීමට පෙර ප්‍රකාශ කළා. නමුත් වර්තමාන ජාතික ජනබලවේග ආණ්ඩුවෙත් මර්වින් සිල්වා , ලොහාන් රත්වත්තේ වැනි පුද්ගලයන් සිටින බව ඔප්පු කරලා තිබෙනවා. ඉදිරියේදී තිස්ස කුට්ටිආරච්චි වැනි පුද්ගලයන්ද ආණ්ඩුව තුළින් බලාගන්න පුලුවන්.‘‘ යනුවෙන් මන්ත්‍රීවරයා සඳහන් කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

NPP ලේබලයෙන් ගෙනෙන රනිල් – ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්ති එපා – කොටුවේ විරෝධතාවක් (PHOTOS)

කොළඹ LNW:NPP ලේබලයෙන් ගෙනෙන රනිල් - ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්තිය...

Your Shot Challenge හි හොඳම ඡායාරූප කිහිපයක්! ඇස් වලින් දැක, විඳින්න.

සටහන – පුලී ජනවාරි 14, කොළඹ (LNW):  ඉඳහිට හිතට අල්ලන...

එක්සත් ජනපදය හා ඉරානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇනහිටියි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ක්‍රියාත්මක වන...

ආනයනික කිරිපිටි මිල පහතට!

කොළඹ LNW:එළඹෙන ජනවාරි 16 වෙනි දා සිට ආනයනික කිරිපිටි...