ගල් අඟුරු ටෙන්ඩරය ඉන්දුනීසියානු සමාගමකට

Date:

නොරොච්චෝලේ විදුලි බලාගාරයට ගල් අඟුරු සැපයීම සඳහා වන ටෙන්ඩරය Arista Mitra නමැති ඉන්දුනීසියානු සමාගමට ලබාදී ඇති බව ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති ෂෙහාන් සුමනසේකර මහතා පවසයි.

අවම ලංසුකරු වශයෙන් එම සමාගමට මෙම ටෙන්ඩරය ලබාදී ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

මෙම ගල් අඟුරු ඇනවුම් ලැබෙන්නේ ණය කාලසීමාවක් ද සහිතව බව පැවසූ ඒ මහතා ලබන පෙබරවාරි මාසයේ සිට වරකට මෙට්‍රික් ටොන් 60000 බැගින් අවස්ථා 12කදී පුත්තලම වරායට එම ගල් අඟුරු මෙට්‍රික් ටොන් 720000 ලැබීමට නියමිත බවත් ප්‍රකාශ කළේය.

පසුගිය සැප්තැම්බර් මාසයේ සිට අවස්ථා තුනකදී ගල් අඟුරු ටෙන්ඩර් කැඳවන ලද නමුත් විවිධ හේතූන් මත එම ටෙන්ඩර් තුනම අවලංගු කිරීමට කටයුතු කර තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...