නව බලපත්‍ර ක්‍රමවේදයක්…

Date:

ලබන මස 2වැනිදා සිට වැලි, ගල්, බොරළු සහ මැටි ප්‍රවාහනය සඳහා නව බලපත්‍ර ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි.

ඒ පිළිබඳව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් ප්‍රේම් මහතා පැහැදිලි කිරීමක් සිදුකළේ ය.

“පසුගිය කාල පරිච්ඡේදය තුළ ගොඩනැගිලි ද්‍රව්‍ය විශේෂයෙන්ම වැලි බොරළු හා පස් ප්‍රවාහනයේදී ප්‍රවාහන බලපත්‍ර තුළ වාහන අංකය සහ ප්‍රවාහනය කරන ගමන් මාර්ගය සඳහන් නොවූ බැවින් අක්‍රමිකතා රාශියක් සිදුවුනා. මේ නිසා පරිසර අමාත්‍යතුමාගේ විශේෂ අවධානය මේ පිළිබඳව යොමුවීම තුළ ලබන වසරේ ජනවාරි මස 2වැනිදා සිට සියලුම ප්‍රවාහන බලපත්‍ර තුළ වාහන අංකයත් ගමන් මාර්ගයත් ගමනාන්තයත් යන කරුණු අඩංගු කිරීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය කටයුතු කරනු ලබනවා”

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා සහන ලබා ගන්නේ කොහොමද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ආපදා සහන කටයුතු වෙනුවෙන් අවශ්‍ය විශේෂ...

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු දිවුරුම් දෙයි!

අද (10) පෙරවරුවේ, අභියාචනාධිකරණ විනිසුරු කේ. එම්. ගිහාන් හිමාන්ශු...

රු. මි. 100ක ලංකා ත්‍රිපෝෂ සමාගමේ ලාභාංශ මහා භාණ්ඩාගාරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : රුපියල් මිලියන 100ක...

රුසියානු , චීන හමුදා ගුවන් යානා මුර සංචාරයෙන් පසු ජපානය හා දකුණු කොරියාව ගුවන් අභ්‍යාස අරඹයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 10: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...