පළාත් පාලන මැතිවරණය ළඟදීම …

Date:

පළාත් පාලන මැතිවරණය මාර්තු 10 වැනි දාට පෙර පවත්වන බව මැතිවරණ කොමිසම පවසයි.

එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, ඒ සඳහා මූලික කටයුතු මේ වනවිට සම්පාදනය කරමින් පවතින බවය.

පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා කැඳවීම සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය ලබන මස 5 වැනි දාට පෙර නිකුත් කරන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

සභාපතිවරයා පැවසුවේ, මැතිවරණයෙන් තේරීපත්වන සභිකයින්ගේ නම් මාර්තු 20 වැනි දාට පෙර ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට ද සැලසුම් කර ඇති බවයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තත්පර 40න් නිෂ්කාශනය ඉවරයි – ශ්‍රී ලංකාවේ පළමු E – Gate පද්ධතිය කටුනායක විවෘත වෙයි

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේ ස්ථාපිත කළ ස්වයංක්‍රීය...

අද (29) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 29) දිනයේදී දිවයිනේ බොහෝ...

ගල් අඟුරු බාල වුණාට රටට පාඩුවක් නෑ – රජයේ ගල් අඟුරු සමාගමේ ප්‍රධානීන් කියයි

මෙවර ගල් අඟුරු ටෙන්ඩරය ලබාගත් සමාගම මෙරටට සැපයූ පළමු...

ජාතික කාන්තා කොමිසමේ පළමු සභාපතිනියත් ඉල්ලා අස්වෙයි !

ජාතික කාන්තා කොමිසමේ සභාපතිනිය වූ නීතීඥ රමණී ජයසුන්දර මහත්මිය...