යාපනයේ ගින්නක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (28) අළුයම් කාලයේ දී, යාපනය නගරයේ ගොඩනැගිල්ලක පිහිටි වෙළෙඳසැල් තුනක හදිසි ගින්නක්  හටගෙන ඇති බව වාර්තා වේ.

යාපනය පොලිසිය, යාපනය මහනගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් එක්ව ගින්න මැඩපවත්වා ඇති අතර , ගින්න හේතුවෙන් රෙදිපිළි වෙළෙඳසැලක් හා පාසල් බෑග් වෙළෙඳසැලක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර යාබඳ පිහිටි තවත් වෙළෙඳසැල් දෙකකට හානි සිදුව ඇති බව පොලිසිය පවසයි.

මේවන විට විදුලිබල මණ්ඩලය විසින් අදාළ ගොඩනැගිල්ලේ විදුලි සැපයුම ද තාවකාලිකව විසන්ධි කර ඇත. ගින්න හේතුවෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැත.

යාපනය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන අතර , ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආතල් 21 වැනිදා!

උපාලි කොළඹගේ ආතල් 21වැනිදාට තව ඇත්තේ දින කිහිපයකි. ආණ්ඩු පක්ෂය...

ජපානයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස චීනයෙන් සිය පුරවැසියන්ට උපදෙස්!

කොළඹ LNW:චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යංශය චීන සංචාරකයින්ට නුදුරු...

වෙනස්වීම් සහ අලුත්වීම් ඉල්ලන පරාජයන්

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: තරගාවලිය 3-0 ට පරාජය...

නඩු පිට නඩු වැටුණු කෙහෙළිය පවුල:තවත් නඩු දෙකකට අධි චෝදනා!

කොළඹ LNW:හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල,...