විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ හිඟය නිසා අධ්‍යන කටයුතුවලට බාධා!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  2024 වසර තුළ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 800කට වැඩි සංඛ්‍යාවක් රට හැර ගොස් ඇති අතර , තවත් 1000කට ආසන්න පිරිසක් විදේශගත නිවාඩු ලබා සිටින බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පවසයි,

ඔහු සඳහන් කළේ , මේ හේතුවෙන් විශ්වවිද්‍යාල අධ්‍යන කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි .

මේ වසරේ මුල් කාලසීමාවේ මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 6200ක පමණ පිරිසක් සේවය කර ඇත.

විශ්වවිද්‍යාල සඳහා නව ආචාර්යවරුන් බඳවා ගැනීම ද මේ වනවිට නැවතී ඇති බව , විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා කියා සිටී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රමෝදය එක්ක ප්‍රබෝධය එයි ද?

නිශ්මං රණසිංහ දෙසැම්බර් 14, කොළඹ LNW: එක්සත් අරාබි එමීර් රාජ්‍යය...

ඩුබායි අස්වැන්න රන් තුනයි – ලෝකඩ දෙකට නඟී

නිශ්මං රණසිංහ දෙසැම්බර් 14, කොළඹ LNW: ඩුබායි හී පැවත්වෙන ආසියානු...