ඉන්දීය සිනමාවේ නම් දැරූ “විජයකාන්ත්” ට ආ කොවිඩ් මාරයා!

Date:

සටහන – සශිකලා මධුෂාණි

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රවීණ ඉන්දීය රංගන ශිල්පී, ඉන්දියානු දේශපාලනඥයෙකු සහජාතික ප්‍රගතිශීලී ද්‍රවිඩ සම්මේලනයේ (DMDK) නිර්මාතෘ හිටපු විපක්ෂ නායක ‘කැප්ටන්’ හෙවත් විජයකාන්ත් මියගොස් ඇති බව වාර්තා වේ.

කොවිඩ් -19 වැළඳීමෙන් දීර්ඝ කාලයක් රෝගාතුරව වාතාශ්‍ර යන්ත්‍රයක සහයෙන් සිටි සිටි විජයකාන්ත් චෙන්නායි හි පෞද්ගලික රෝහලකදී අද(28)වන දින අභාවප්‍රාප්ත වූ අතර මිය යනවිට ඔහු 71 වන වියේ පසු විය.

1952 අගෝස්තු 25 වන දින මදුරෙයිහිදී නාරායනන් විජයරාජ් අලගර්ස්වාමි ලෙස උපත ලැබූ විජයකාන්ත් රසිකයන් වැඩිපුරම හඳුන්වනු ලැබුවේ කැප්ටන් යන නමිනි.

හෙතෙම 1979 දී ‘ඉනිකුම් ඉලමයි’ චිත්‍රපටයෙන් සිනමා කර්මාන්තයට පිවිසි විජයකාන්ත්ගේ ජනප්‍රිය චිත්‍රපට අතරට සෙන්තූර පූවේ, පුලන් විසරනායි, චත්‍රියන්, කැප්ටන් ප්‍රභාකරන්, චින්න ගවුන්ඩර්, සේතුපති අයිපීඑස්, හොනස්ට් රාජ්, වනාතයි පොළ, සහ රාමනා ඇතුළත් වේ.

2005 දී ඔහු සිය දේශපාලන පක්ෂය පාවී දේශපාලනයට පිවිසි අතර ඊළඟ වසරේ පැවති තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයේදී විරුධාචලම් මැතිවරණ කොට්ඨාශයෙන් ජයග්‍රහණය කළේය. ඔහු 2011 සභා මැතිවරණයේදී ඔහුගේ පක්ෂය වන ජාතික ප්‍රගතිශීලී ද්‍රවිඩ සම්මේලනය ආසන 29ක් ලබා ගනිමින් ප්‍රාන්තයේ ප්‍රධාන විපක්ෂය බවට පත්වූ අතර ඊළඟ මැතිවරණවලදී අඛණ්ඩ පරාජයන් අත්විඳිනු ලැබිය.

අනතුරුව විජයකාන්ත්ගේ සෞඛ්‍යය ද පසුබෑමකට ලක් වූ අතර ඔහු මහජන රැස්වීම්වලට සහභාගී වීමෙන් වැළකී සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හංවැල්ලේ වෙඩිතැබීමක්. එක් පුද්ගලයෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල හංවැල්ල, පහත්ගම ප්‍රදේශයේදී ඊයේ (අගෝස්තු 13)...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරෝධය පළකරමින් ඉසුරුපායේ විරෝධතාවක්! (PHOTOS)

කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට විරෝධය පළකරමින් අද...

අපේ ආදර මතක : “නොසැලෙන්න කඳුළක් දෑසින්”

"අරූට තමයි යොහාන් අර්ජුන කියන්නේ. ඌ ගායකයෙක්." බණ්ඩාරවෙල ටවුමේ රස්තියාදුකාර...

LKNOG9 සමුළුව කොළඹදී සාර්ථකව පැවැත්වේ

නිශ්මං රණසිංහ අගෝස්තු 13, කොළඹ LNW: Lanka Network Operators Group හි...